Gahanu lamayage maranaya – ගැහැණු ළමයාගේ මරණය
රු1,368.00
හොඳ හා නරක අතර බෙදුම් රේඛා බොඳවී යන
යොවුන් වියේ ආදරය ඛේදවාචකයක් කර ගත් මංගලා, පාසල් යන අතර ගැබ් ගන්නී ය. ඇයට රහසෙන් ඇගේ ආදරවන්තයා එංගලන්තයට පලා යාමෙන් පසු විඳින්නට සිදුවන වේදනාවේ හා අවමානයේ තරමට මරණය බියකරු නොවන මොහොතක ඇය සිය දිවි නසා ගන්නට තීරණය කළත්, අහඹු සිදුවීම් තුළ ජීවත් වන්නට අවස්ථාව ලද ඈ, තමා ඉදිරියේ දිග හැරෙන මනුෂ්‍යත්වයේ මහිමය තුළින් වඩාත් අසීමිත වන්නේ මරණය නොව, ජීවිතය බව අවබෝධ කර ගන්නට සමත් වන්නීය. ඇගේ කතාවේ ඇයට මුණ ගැසෙන පුද්ගලයින්ගේ ජීවිත ගමන් මග ලැබෙන්නට සිටින දරුවා නිසා වෙනස් වන සැටි අත්දකින මංගලා නිමේෂයක සිදුවීමක් තුළ මනුෂ්‍ය ජීවිතවල ඉරණම එක් මානයක සිට තවත් මානයකට දෝලනය වන සැටිත්, එනිසාම ජීවිතය යනු දුක-සතුට මුසු වූ එකිනෙකට වෙනස් නැවුම් පරිච්ඡේදවල වියමනක් මිසක, ශෝකාන්තයක් නොවන බවත් විශ්වාස කරන්නට පටන් ගන්නීය.
අවසානයේ ඇගේ ගර්භනී කාලය තුළ මුහුණ දෙන්නට සිදුවන පුද්ගල හා සමාජ ඝට්ටන තුල මුහුකුරා යන ඇය, තමා ඉදිරියේ ඇති සමස්ත දිවිය තුල ගැබ්ව ඇති ශක්‍යතාව හා අපූර්වත්වය වැලඳ ගන්නී සිය යෞවන ආලයෙන් හා අනන්ත සිහින වලින් මිදී වඩාත් පුළුල් වූද,ඉම නොපෙනෙනා වූද ලෝකයකට අවතීර්ණය වේ. “යළි උපන් ගැහැනිය”, “රෝසමාලී”, “පියාපත් ලත් දෝණිය” කතුවරියගේ ශමෙල් ජයකොඩිගේ අනෙත් නවකතා ය.







Reviews
There are no reviews yet.