Sujathawa සුජාතාව
රු990.00
දෛවානි මහත්මිය විසින් රචනා කරන ලද ” සුජාතාව ” නම් වූ මෙම අනගි නවකතාව කලාතුරකින් හමුවන දුර්ලභ ගණයේ කෘතියක් ලෙස හඳුන්වමි. කතුවරිය ළමා කල අත් දුටු කටුක හා රසවත් අත්දැකීම් මෙන්ම නිදහස් ආර්ථිකයට පෙර හැට හැත්තෑව දසකවල ශ්‍රී ලංකාවේ ගැමි ජන ජීවිතයත් ඔවුන්ගේ අහිංසක සිතුම් පැතුම් හා ජීවන යථාර්ථයන් රසවත්ව ඉදිරිපත් කොට ඇත. ශ්‍රී ලංකාවේ දක්ෂිණ පළාතේ සුවිශේෂ සංස්කෘතික අංගයන් හා වියළි කලාපයේ පීවන රටාවන් වත්මන් පරපුරේ තරුණ තරුණියන්ට අපූරු අත්ත්දැකීමක් ගෙන එයි.
දියණියක විසින් සැපිරිය යුතු හුරු පුරුදු විය යුතු හා වර්ධනය කළ යුතු වටිනා සාරධර්ම සමූහයක් මේ කුඩා කෘතියට ඇතුළත් කොට ඇත්තේ කතුවරියගේ සැබෑ ජීවන අත්දැකීම් මිස, නිර්මාණය කළ කෘතිම සිතුවිලි නොවීම මෙහි විශේෂතාවයකි. පවුලේ සාමාජිකයන් අතර සාමූහිකව බැඳී පවත්නා ආදරය, කරුණාව, දයාව, වත්මන් පවුල් සංස්ථාවන්ට ගෙන එන්නේ නොමඳ පණිවිඩයකි. ස්වෝත්සාහය, අප්‍රතිහත ධෛර්ය. හා කැපවීම තම අරමුණු සාර්ථක කර ගැනීමට අත්‍ය වශ්‍යයෙන් සැපිරිය යුතු ගුණාංග සමූහයක් බවත්, ආගම් දෙකක ගුණ දහම් සංකලනයෙන් ගොඩ නැගුණු චරිත ශුද්ධියත් උතුම් ආදර්ශයක් මතු පරපුරට දායාද කරන මෙම සොඳුරු නිර්මාණය ලක්වැසි සියලු දෙනා විසින් කියවිය යුතු සුන්දර කෘතියක් ලෙස අගයමි.









Reviews
There are no reviews yet.