Keheli.lk

10% OFF

Rosamali-රෝසමාලී

රු1,125.00

***2009 ස්වර්ණ පුස්තක පළමු වටයට නිර්දේශිතය***

පියෙක් නොදැන, අවිවාහක මවකට දාව ඉපදුණු දැරියක ලෝකය තුළ ඈ මුහුණ දෙන සියලු අඩු ලුහුඬුකම් හා නින්දා අපහාසවලින් පලා යනවා වෙනුවට ජීවිතයේ සුන්දරත්වය දකින්නට හා අපූර්වත්වය විඳින්නට දරන උත්සාහයක් ‛රෝසමාලී” නවකතාව තුළින් විවරණය වේ. ඇගේ දහහත් වන වියේ ඇය සිය ළමාවිය හා යොවුන්විය ගැන පවසන මේ කතාව අව්‍යාජ ය. අපූර්ව ය. ඇයට ජීවිතයේ හමුවන චරිත හා ඔවුන් මුහුණ දෙන සමාජ යථාර්ථය කිසි විටෙකත් අමතක කළ නොහැකි ය.
යොවුන් ආලය, භීෂණය, මායාව හා යථාර්ථය, තවමත් අවසාන නැති පාසල් විය ගැන ජීවිතය විනිවිදිමන් ඈ නිරාවරණය කරන්නේ අපේ ම ලෝකයයි. දුක හා පීඩාව මැදින් උපේක්ෂා සහගතව ජීවිතය රස බැලීමට උත්සාහ දරන අපේ ම ජීවිත කතාවයි.

මෙහි කතුවරිය ශමෙල් ජයකොඩි මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක් හදාරා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිවිල් ඉංජිනේරුවරියක ලෙස සේවය කළා ය. දැනට ඇය කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පදිංචිව සිටින අතර නිර්මාණකරණයෙහි යෙදෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Rosamali-රෝසමාලී”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat