Radha – රාධා
රු807.50
මම මේ විදහට අඳින්න ආසයි… මගේ ජාතිය ගැන මට තියන අභිමානය නැති
කර ගත්ත මම කැමති නැහැ”
“අභිමානය තියාගෙන ඉන්නකෝ.. ඒ අභිමානය නොවෙන්න මේ ප්‍රශ්න මීට වඩා වෙනස් වෙන්න තිබුණා ”
“මම දන්නවා ඔයා මම මේ විදිහට අඳිනවට කැමති නැහැ කියලා… මම දෙමළ කෙල්ලක්… මගේ ඇඟේ දුවන්නේ දෙමළ මිනිහෙකුගෙයි ගෑනියෙකුගෙයි ලේ… මම… මනොරත්නම් මීනක්ෂි ශ්‍රී රාධා… මම සිංහල විදිහට ඇන්දා කියලා මගේ උපත වෙනස් කරන්න බැහැ නේනූ”
“හරි… කටවහ ගන්නවා ” මීනක්ෂි නිහඬ වූවාය.
නිවසට යන තෙක්ම ඔවුන් ගියේ නිහඬවයි. වාහනය නැවතූ නෙත්නු වාහනයෙන් බැස මීනක්ෂි වෙතට ආවේය.
“ඊයේ ජාති දෙකක් කවලම් වුණා… සිංහල කොල්ලෙකුයි… දෙමළ කෙල්ලෙකුයි… මම දූල්වල ආරච්චිලාගේ නෙත්නු පහන්සිළු දූල්වලආරච්චි… මගේ ලෙයින් උපතක් සිද්ධ වුණොත් ඔයාගේ බඩ දෙමළ කෙල්ලක්ගේ බඩක් කියලා ඒ උපත නැවතෙන්නෙත් නැහැ මීනූ….” ආවේගයෙන් පැවසූ නෙත්නු නිවසට ගියේය.
මීනක්ෂිගේ දෑසට කඳුළු පිරුණාය. ඇය නිවසේ කොරිඩෝවේ පසෙකට වී දෑස් පිසදා ගත්තාය.
“ජාති ආලයක් ඇදලා ගත්තේ මම නෙවෙයි… දැන් නාඩා ඉන්න… එන්න යන්න… යතුර අරන් ආවා නෙත්නු මීනක්ෂිගේ අත අල්ලා ගත්තේය.
Out of stock









Reviews
There are no reviews yet.