Keheli.lk

10% OFF

Bagandara – බගන්දරා

රු1,755.00

වර්තමාන ජන වංශයෙන් මෙතෙක් නොකියවුණු බිංදු මාත්‍රයක් මෙහි කියවෙයි. පැරණි වම බංකොළොත් වෙද්දී නගරාශ්‍රිත ගම්වල හිඳුවා තිබූ පියකරු වාම ශාකයෝ මැලවී යති. සහාසික මැද පංතික පුරුෂාර්ථ ඉදිරියේ ඔව්හු තම නැව මුහුදුබත් වූ නැවියන් සේ හුදෙකලා වෙති. කලකට පෙර නිවනක් සේ පෙනුණු නිදහස් අධ්‍යාපනය අපායක් බවට හැරෙයි. මෙය යුගයක් අරා ගත් අවදානම් සහගත උග්‍ර අවස්ථා ද, අපේක්ෂා හා සන්ත්‍රාසය ද, සුන්වුණු බලාපොරොත්තු හා තාරුණ්‍යයේ ආකෘතිය ද නිරූපණය කරන නවකතාවකි. එම අවධියේ උප්පත්ති මරණ චක්‍රය ද, බහුජනයා සිතූ පැතූ දේවල් ද, මමංකාරය හා ආත්මය පිළිබඳ ගුප්ත දැනීම ද මෙහි පළ වේ. විවරණය නිර්දය වෙතත් ඉන් කියවෙන්නේ වර්තමාන තරුණයාගේ වැඩිවිය එළඹුම පිළිබඳ සෝබර පුවතයි. ඔහුගේ විසිතුරු දැනමුතු වීම පසුපස අකල් මරණයේ සෙවණැල්ල ද, මුළු මහත් සමාජ දේහයක දුක් අදෝනාව ද අඩංගුව ඇත. කතුවරයාගේ මුල් නවකතාව වන මෙයින් දශක තුනකට වැඩි කාලයක් ලියන ලද නවකතා මාලාවකට මුල පිරේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Bagandara – බගන්දරා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat