Keheli.lk

10% OFF

Baththalangunduwa-බත්තලංගුණ්ඩුව

රු882.00

2008 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටය සදහා නිර්දේශිත නවකතාව

ලේඛකයකුගේ ප්‍රථම නවකතාවක් මංජුල වෙඩිවර්ධනගේ ‘බත්තලංගුණ්ඩුව’ තරම් විශිෂ්ට වන්නේ ඉතා කලාතුරකිනි. කවර බසකින් වුව එවැනි ප්‍රථම නවකතාවක් කියවීමට ලැබීම ඉතා දුර්ලභ දෙයකි. කවියෙක් සහ කෙටි නාට්‍ය රචකයෙක් ලෙස සාහිත්‍ය ජීවිතය ඇරඹූ වෙඩිවර්ධන නවකතා මාධ්‍ය වෙත එන්නේ අර මාධ්‍ය දෙකේම වූ ශිල්පීය අංගද රැගෙනය යන කාරණය සඟවන්නේ නැත. ඔහු ඒ අංග, නවකතාවක කතාව ඉදිරිපත් කරන ආකර්ෂණීය
නිපදවීම සඳහා භාවිතා කරයි.
-මහාචාර්ය ලියනගේ අමරකීර්ති

මංජුල වෙඩිවර්ධනගේ ‘බත්තලංගුණ්ඩුව’ 2007 වසරේ සිංහල නවකතාව මතු නොව, මෑතකාලීන සිංහල නවකතාව තුළද සුවිශේෂී සංධිස්ථානයක් වෙයි. එය ලෝක සාහිත්‍යය තුළ නවකතාව සම්ප්‍රාප්ත වී ඇති නව ඉසව් වෙතින්ද, නූතන සිංහල නවකතාවේ සිරිල් බී. පෙරේරා, ටෙනිසන් පෙරේරා, සයිමන් නවගත්තේගම වැනි සාහිත්‍යකරුවන් පෘථුල කරන ලද ඉසව් වෙතින්ද පෝෂණය ලැබූ ලාංකේය ජන සමාජයේ මෙතෙක් සිංහල නවකතාකරුවන් ස්පර්ශ නොකළ සමාජ සංස්කෘතික ජීවන රටාවක අපූර්වත්වය ග්‍රහණය කර ගනී.
– කේ. කේ. සමන් කුමාර

Availability: In stock

Reviews

There are no reviews yet.

Be the first to review “Baththalangunduwa-බත්තලංගුණ්ඩුව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat