Mage Chikago Hadawatha – මගේ චිකාගෝ හදවත
රු1,323.00
*** 2022 ස්වර්ණ පුස්තක සම්මානය දෙවන වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි ***
කෘත්‍රිම දරු පිළිසිඳගැනීමක් ප්‍රාර්ථනාවෙන් ප්‍රතිකාර පතා අමෙරිකාවේ චිකාගෝ නගරය වෙත සංක්‍රමණය වූ ලාංකික යුවළකගේ අවුරුදු දහහතක් වයසැති දරුවා වටා ගෙතුණු කතාවකි ‘මගේ චිකාගෝ හදවත’. කළු ජාතික මිතුරන් හා ගැටෙමින් වෙළෙමින්, එයින්ම පන්නරය ලබමින්, සිය අනන්‍යතාව නිර්මාණය කරගන්නා ගැටවරයකුගේ ජීවිතාරම්භයකි එය. ඉරණම විසින් තළා පෙළා, අධ්‍යාපනය විසින් හැඩගස්වන ලද සෙල්ලක්කාර යෞවනයකුගේ පාසල් විය ගැන කියැවෙන උන්මාදනීය යථාර්ථයකි;සම්ප්‍රදායානුකූල චින්තනය මැදින් අපූර්වත්වය සොයා යෑමේ මෙහෙවර ඔසවා තැබූ මානව ලාලසාවකි. එලෙසම එය කළු ජාතික අප්‍රිකා-අමෙරිකානුවන්ගේ ජීවන රටාව තුළ වසන ආසියානු පවුලක් සතු නොපසුබට වීර්යය ගැන ආත්ම භාෂණයකි. මේ සියල්ල සමඟ එය නිදහස සොයා යන මිනිසා හසු කරන රුදුරු හුදෙකලාව හා ආධ්‍යාත්මික විමුක්තිය ගැන දාර්ශනික මානයකි.
ශමෙල් ජයකොඩි විසින් මින් පෙර සම්පාදිත කුමර කොබෙයි’, ‛වීනස්ගේ උපත’,‘අමෙරිකා’, ‛ප්‍රංශ පෙම්වතා’, ‘රෝසමාලී’, ‘ගැහැනු ළමයාගේ මරණය’, ‘පියාපත් ලත් දෝණිය’, ‛පරාදීසයක දරුවෝ ප්‍රබන්ධ ශ්‍රී ලාංකේය රසික-විචාරක අවධානයට නොමඳව පාත්රව, හොඳම නවකතා ලෙස නිර්දේශිතව, ‘ස්වර්ණ පුස්තක’ සම්මාන උලෙළ නියෝජනය කළේය.









Reviews
There are no reviews yet.