Keheli.lk

10% OFF

Yali Upan Gahaniya – යළි උපන් ගැහැනිය

රු877.50

ජීවිතයේ මූලික අරමුණු බිඳී විසිරී ගොස්, බලාපොරොත්තු ශුන්‍යත්වයට පත් වූ මොහොතක විශාකා ප්‍රේමය ගවේෂණය කරමින් අනන්ත වූ ලෝකයක සැරිසරන්නට පටන් ගත්තාය. ප්‍රේමයේ ශක්තිය හා ශාන්තිය සොයා ගිය ඇගේ කතාව අව්‍යාජ වූත්, අපූරු වූත් පුද්ගල යථාර්ථය හෙළි කරන චාරිකාවක් බවට හැරෙන්නේ, අලුත් ජීවිතාවබෝධයක් සමඟ ඇය යළි උපන් ගැහැනියක බවට පරිවර්තනය වෙමිනි. අලුත් අභිමතාර්ථ සහිතව, නව මානයක් හරහා ජීවිතය නොනැවතී ඉදිරියට ගලාගෙන යන්නට නියමිතව ඇති බව අවසානයේ ඇය වටහා ගනී.

සියලු ආර්ථික සාමාජික දේශපාලනික සංස්කෘතික බලවේග වටා දැවටී ඉන් පෝෂණය වන ඇගේ ජීවිතය හරහා ද, අනුන්ගේ ජීවිත හරහා ද ගමන් කළ විශාකා සිය අධ්‍යාත්මය දෙස නැවත හැරී බලන්නේ, ප්‍රේමයේ ශාන්තිය ඇත්තේ කොතැන දැයි පසක් කර ගනිමිනි.

ශමෙල් ජයකොඩි මොරටුව විශ්ව විද්‍යාලයෙන් උපාධිය හදාරා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිවිල් ඉංජිනේරුවරියක ලෙස සේවය කළාය. ඈ සිය නවකතා හරහා සිය ජීවිත දැකුම් හා මතකයන් චිත්‍රණය කරමින්, නිර්මාණ චාරිකාවක යෙදෙන්නීය. පාරාදීසයක දරුවෝ, වැව් පතුලේ කිඳුරිය, නිරුවත් හදවත්, ගැහැනු ළමයාගේ මරණය, පියාපත් ලත් ද්‍රෝණිය හා රෝසමාලී ඇගේ අනෙක් නවකතාය.

Reviews

There are no reviews yet.

Be the first to review “Yali Upan Gahaniya – යළි උපන් ගැහැනිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat