Keheli.lk

10% OFF

Wanisiye bandara-වැනීසියේ බණ්ඩාර

රු1,215.00

පොතු නොහැරීය තිරිඟු පැහැයේ සම, දිගු දෙපා, ඝනකම් වරලස ඇති ඉතාලි කෙල්ලෝ ශෝභමාන බව සැබෑය. මග තොට ඇවිදින ස්ත්‍රීන්ගේ නිරුවත් උරහිස් උලුප්පන ගවුම් කරවල්,කොණ්ඩා ගෙතුම් මා අගය කළ මුත් නාපෝලියේ තැන තැන ඇති මූර්ති කැටයම් හා ඉපැරණි ගොඩනැඟිලි තුළ ඇති නානාප්‍රකාර සිතුවම් ඊටත් වඩා වැඩියෙන් මගේ හදවත ඇදබැඳගෙන තිබිණි. එහි ඕනෑම අහුමුල්ලක් මට නම් කවියක් බඳුය, ලලනා ලාලිතය අමතක කරවනසුලුය.

“මෙහේ පිරිමින්ට ඕනෑ ගෑනු එක්ක කතාව නෙමෙයි, ගෑනු රස විඳින්න,” මස්සිනා එකට එක කීවේය. “ගෑනුන්ට විතරක් නෙමෙයි, ඉතාලි පිරිමි හුඟක් දේට ආස කරනවා… කලාව රස විඳින්න, රේස් කාර් එළවන්න, කෑම උයන්න, මල් වවන්න, තව ජෙලාටෝවලට… දේකට තියෙන ඇල්ම ඉතාලිකාරයන්ගේ ආත්මය අයිති කරගෙන.”

“පෙම්වතෙක් වෙන්න, සෞන්දර්යය තකන්න, කලා නිර්මාණයක් බිහි කරන්න මනුස්සයෙක් දරන මහන්සිය මොන තරම් දුෂ්කර වුණත්, මොන තරම් අවලස්සන වුණත් චීකෙ වැරැද්දක් නෑ… මං කියන්නෙ සෙල්ලක්කාර පෙම්වතෙක් ගැන නෙමෙයි, ගැඹුරු පෙම්වතෙක් ගැන.”

“මේ ඇවිත් ඩෝඩකැතීඩ්‍රයක්… මේකෙ එක එක පැතිවල තියෙන චිත්‍රවලින් පෙන්වන්නේ මිනිසා වෙනුවෙන් දෙවියන්ගේ මහා සැලසුම්.” අධ්‍යක්ෂක පැති පහක් සහිත පිරමීඩ දොළහකින් නිමවුණු බැසිලිකාවේ බිත්තිවල ඇඳ ඇති ගෝලාකාර ජ්‍යාමිතික රූපය විස්තර කළේය. ඒ දිනවල වැනීසියේ මගේ දිවියද එවැනි ඩෝඩකැතීඩ්‍රයක් මෙනැයි මට සිතිණි.

Reviews

There are no reviews yet.

Be the first to review “Wanisiye bandara-වැනීසියේ බණ්ඩාර”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat