Keheli.lk

20% OFF

T 559

රු1,120.00

“කාශ්‍යප මව් බිමට ද්‍රෝහී වෙලා තියෙනව. සතුරන්ට එකතු වෙච්ච බව ඔප්පුවෙලා තියෙන්වා. කාශ්‍යප පොලිස් ඔත්තුකාරයෙක්. ද්‍රෝහියෙක්. ඒ කරපු වරදට දඬුවම ක්‍රියාත්මක කරන්න කියල අපට නියෝගයක්  ලැබිල තියෙනව. ඒ නියෝගය ක්‍රියාත්මක කරන්නයි අපි ආවෙ. ” කණ්ඩායමේ ප්‍රධානියා යයි ඇඟවෙන හැසිරීමක් සහිත පුද්ගලයා කියා සිටියේය.

” මම දැනුවත්ව කිසිම වරදක් කරලා නැහැ. කරන්නෙත් නැහැ. කාශ්‍යප සඳහන් කළේ සුපුරුදු සන්සුන් ස්වරයෙනි.
“දඬුවම තීන්දුවෙලා ඉවරයි. අපි ආවේ ඒක ක්‍රියාත්මක කරන්න.”
” මම වරදක් කරලා නැහැ. මෙතන තියෙන්නෙ වැරැදි වැටහීමක්. ”
කාශ්‍යපගේ එම ප්‍රකාශයත් සමඟ හදිසි කලබලකාරී බවක් පෙන්නුම් කළ කණ්ඩායම කාශ්‍යප කෙරෙන් ඈත්වෙන්නට වුණේ අවට විපරම් කරන බවක් අඟවමිනි.
කාශ්‍යප නිසොල්මන්ව බලා සිටියේය.
ක්ෂණයකින් අඳුර විනිවිද ගමන් ගත් ගිනියම් උණ්ඩ කීපයක් කාශ්‍යපගේ පපුවේ වම් පසින් ඇතුළුව සිරුර පසාරු කරන ලද්දේ ලෝදිය දහරකින් මුළු ගත නෑවී යන බවක් දනවමිනි.

Reviews

There are no reviews yet.

Be the first to review “T 559”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat