Keheli.lk

15% OFF

Thahanam Rahas Rakinna – තහනම් රහස් රකින්නා

රු841.50

ඉතා සීරුවෙන් රන්සුණු සොයන්නකුගේ ඉවසීමෙන් පාඨක මනස නව මානයන් ඔස්සෙහි රැගෙන යා හැකි ඉසවූ පිළිබඳ හෙමි හෙමින් ගවේෂණයෙහි යෙදෙමින් ස්වකීය විද්‍යා ප්‍රබන්ධ නිර්මාණ චාරිකාවේ යෙදෙන දමිත නිපුණජිත්, මීට ඉහත අවස්ථා දෙකක දී ම හොඳ ම විද්‍යා ප්‍රබන්ධය සඳහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුදනු ලැබුවෙකි. ඔහු අවසන් වරට එළි දැක්වූ අවසන් අවදි  කරන්නා නවකතාව ද රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය දිනාගත් දමිත නිපුණජිත් වෘත්තීය විද්‍යා සන්නිවේදකයෙකු වශයෙන් දිගු කලක් කටයුතු කළ අතර විදුසර විද්‍යා සඟරාවේ ප්‍රධාන කර්තෘ ධුරය ද හෙබවූයේ ය.

දමිත නිපුණජිත්ගේ මෙම නවතම විද්‍යා ප්‍රබන්ධ කෙටිකතා එකතුව, සිංහල විද්‍යා ප්‍රබන්ධය මෙතෙක් අතික්‍රමණය නොකළ ඉහළ තලයක ඔසොවා තබන්නා වූ නිර්මාණයක් ලෙස අවිවාදයෙහි ම හඳුන්වා දිය හැකි ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Thahanam Rahas Rakinna – තහනම් රහස් රකින්නා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat