Sodura Riduneda – සොඳුර රිදුණෙද
රු1,360.00
අපිට කවදාවත් අපිට උගන්නපු ගුරුවරු අමතක කරන්න බෑ නේද… එයත් එහෙම කෙනෙක් තමයි…
ආදරේ පාඩම හොඳටම ඉගැන්නුවෙ එයා… ඉතින් මං ඇයි එයාට වෛර කරන්නේ…”
” එහෙනම් ඇයි එයාට ඔයාගේ ජීවිතේ ඉඩක් දෙන්නේ නැත්තේ…”
” ඉඩ දීලා තියෙන්නේ මං… මේ ජීවිතේ එයා ඉන්න තැන වෙන කාටවත් මම දෙන්නේ නෑ, දීලත් නෑ…”
” අයිති කරගන්න ඕනේ කියලා හිතෙන්නෙම නැද්ද…?”
” අයිති කරගත්ත තැනක ආදරේ රැඳෙන්නෙ නෑ අයියේ… අයිති කරගත්ත මනුස්සය හැමදාම බයෙන් ජීවත් වෙන්නේ කොයි වෙලාවේ අයිති කරගත්තු දේ නැති වෙයිද කියලා… අයිති කර ගත්තට පස්සේ ආදරේ කරන්න වෙලාවක් නෑ… ඒ මිනිස්සු කරන්නේ අයිතිය රැක ගන්න සටන් කරන එක විතරයි…. හැබැයි කවදාවත් අයිති කරගන්න බලාපොරොත්තුවක් නැති මිනිස්සු මැරෙන කල්ම ආදරේ කරන්නේ හේතුවක් නැතුව…
ඒකයි මං ඒකට කැමති…”
” තේරුමක් තියෙනවද දරුවෝ ඔය ජීවිතේට…”
” මිනිස්සු තේරුමක් නෑ කියලා කියන්නේ
තේරුම් ගන්න බැරි තරම් ගැඹුරු තේරුමක් තියෙන ජිවිත කතා වලට… තේරුමක් නෑ නෙමෙයි එයාලට තේරුම් ගන්න බෑ








Reviews
There are no reviews yet.