Keheli.lk

10% OFF

Polonnaruwa Siddasthana – පොළොන්නරුව සිද්ධස්ථාන

රු531.00

වර්තමාන ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ වෙසෙන ප්‍රාමාණික විද්වතෙකු වන සුමිත් රණසිංහ මහතා සිංහල, පාලි, සංස්කෘත යන භාෂාවන් මෙන්ම තර්ක න්‍යාය, ජ්‍යොතිෂ, ඡන්දෝලංකාරාදී පෙරදිග ශාස්ත්‍රයන් පිළිබඳව ද සුවිශද ඥානයක් සහිත පඬිවරයෙකි. කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගනිමින් ශාස්ත්‍රීය ලෝකයට පිවිසි ඔහු දීර්ඝ කාලයක් තිස්සේ පර්යේෂකයෙකු වශයෙන් පුරාවිද්‍යාත්මක අධ්‍යයනයන්හි නිරත වූ වෘත්තීය පුරාවිද්‍යාඥයෙක් වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒකරාශී වූ ඥාන සම්භාරය පාදක කර ගනිමින් දැනට එතුමන් විසින් රචිත ග්‍රන්ථ සංඛ්‍යාව විස්සකට අධික ය. ඒවා සියල්ලක්ම සමාජ පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රය පෝෂණය කරන පර්යේෂණාත්මක කෘතීන් ය. එයින් කතරගම් පුවත, කන්දබඩපත්තුව, නූතන තිස්සමහාරාමය, සිරිලක ස්තූප පුරාණය, කිරින්ද යන කෘති පුරාවිද්‍යාව මෙන්ම බෞද්ධ ශිෂ්ටාචාරය යන විෂයයන් හදාරන ශිෂ්‍යයන්ට වෙසෙසින් ප්‍රයෝජනවත් වේ.

සුමිත් රණසිංහ මහතාගේ නවතම කෘතිය ” පොළොන්නරුව සිද්ධස්ථාන ” නම් වේ. එය පොළොන්නරුවේ නටබුන් හා සිද්ධස්ථාන සබැඳි පුරාවිද්‍යාත්මක දත්ත අදාළ කර ගනිමින් සම්පාදිත ප්‍රාමාණික කෘතියක් බව කිව යුතු ය. මේ ග්‍රන්ථය පොළොන්නරුවේ සිද්ධස්ථාන හා එහි නටබුන් පිළිබඳව අධ්‍යයනයෙහි නියුක්ත ආචාර්ය ශිෂ්‍ය දෙපක්ෂයටත් පොළොන්නරුවේ ඓතිහාසික සිද්ධස්ථාන නැරඹීමට මෙන්ම වැඳ පුදා ගැනීමේ අභිලාෂයෙන් පසුවන සාධු ජනයන්ටත් අතිශයින් ප්‍රයෝජනවත් කෘතියක් වනු නො අනුමාන ය. සුමිත් රණසිංහයන්ගේ තිස් වසරකට අධික රාජ්‍ය සේවයත් ඊට සමගාමීව සිදු කළ ශාස්ත්‍රීය මෙහෙවරත් ඉමහත් ලෙස අගයන අතර එතුමන්ගේ සුවදායි ඉදිරි ගමනට මෙයින් ශුභාශිංසනය කරමි.

Reviews

There are no reviews yet.

Be the first to review “Polonnaruwa Siddasthana – පොළොන්නරුව සිද්ධස්ථාන”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat