Max Weber – මැක්ස් වෙබර්
රු882.00
සම්භාව්‍ය සමාජ විද්‍යාඥයෙකු වන මැක්ස් වෙබර් 1880 දශකයේ සිට 1920 දක්වා පුරා දශක තුනක පමණ කාලයක් තුළ රචිත ලිපි, දේශන හා ග්රන්ථ මගින් ඔහු සමාජ විද්‍යාව ප්‍රවර්ධනයට කළ අනභිභවනීය දායකත්වය සුවිශේෂය. මෙම කෘතිය මැක්ස් වෙබර්ගේ දාර්ශනික සහ සමාජ විද්‍යාත්මක චින්තනය පිළිබද පුළුල් ගවේෂණයක් ඉදිරිපත් කරන්නකි. තවද මෙමගින් නුතන සමාජය පිළිබඳ ඔහුගේ අවබෝධය හැඩගස්වා ගත් සෑම ප්‍රධාන දෘෂ්ටි කෝණයක්ම පාහේ පරීක්ෂාවට භාජන කර ඇත. සමකාලීනව නූතනත්වය කරා විකාශනය වෙමින් පැවති සමාජ ඇසුරින් ඔහු විසින් සිදු කරන ලද විග්රහ පුළුල් පරාසයක සමාජ ප්‍රපංච, සංසිද්ධි සහ ආයතනික ව්‍යුහ ආශ්රයෙන් ගොඩ නැගුණකි. මෙහිදී ආර්ථිකය, සමාජ ස්තරායනය, රාජ්‍ය තන්ත්රය, අධිකාරි බලය, දේශපාලනය, ආගම, විද්‍යාව, ආචාරධර්ම, සදාචාරය, අගනාකම්, තාර්කිකත්වය, නීතිය, සමාජ ක්‍රියාව ආදිය දැඩි පරීක්ෂාවට ලක් විය.









Reviews
There are no reviews yet.