Vidim saha vidawim – විඳීම් සහ විඳවීම්
රු1,620.00
ස්වීඩන ජාතික වෛද්‍යවරයෙකු වූ ඇක්සල් මුන්තේගේ ‘සැන් මිකේලයේ කතාව’ මුල් මුද්‍රණයේ සිට දශක නවයක් අඛණ්ඩව නැවත මුද්‍රණය වෙමින් හා ලොව පුරා භාෂා ගණනාවකට පරිවර්තනය වෙමින් ඉහළම අලෙවියක් වර්තා කළ ග්‍රන්ථයක් බවට පසුගිය සියවසේදී පත් විය.
කලෙක බ්‍රිතාන්‍යයෙහි වෛද්‍ය ශිෂ්‍යයින්ට අවශ්‍යයෙන් කියවිය යුතු පොතක් ලෙසට නිර්දේශ කර තිබුණු බව සඳහන් මෙම කෘතියෙහි වෛද්‍ය මුත්තේ, ඔහු මුහුණ දුන් මිහිරි සහ අමිහිරි සිදුවීම් රසවත් කථාංග ලෙස ඉදිරිපත් කරයි. එහිදී ඔහු විවිධ කායික සහ මානසික රෝගාබාධ මෙන්ම ප්‍රතිකර්ම පිළිබඳව තම අදහස් දැක්වීමෙන් ඔබ්බට ගොස් ලොව සදාතනික සත්‍යයන් වූ ඉපදීම, මරණය, මානව විඳවීම, ජීවිතයේ අරුත් සුන් බව පිළිබඳ ගැමුරින් විග්‍රහ කරයි.
මානව දයාව, අනුකම්පාව, හාස්‍යය, උපහාසය, වේදනාව, ප්‍රේමය, භක්තිය ආදී සියලුම මානව හැඟීම් කැටි කර දැක්වූ කෘතියක් ලෙසට මෙය හැඳින්විය හැකිය.








Reviews
There are no reviews yet.