Keheli.lk

20% OFF

Kanda Udarata Rajadaniye Wisu Abimanawath Parapuraka Athithawarjanaya – කන්ද උඩරට රාජධානියේ විසූ අභිමානවත් පරපුරක අතීතාවර්ජනය

රු2,800.00

මහින්ද්‍ර මෙෂාන් බණ්ඩාර වඩුගොඩපිටිය විසින් ලියන ලද අගනා කෘතියට පසුවදනක් ලිවීමට ආරාධනා කිරීම ගැන මම සතුටු වෙමි. උඩරට කීර්තිමත් පරපුරක ඉතිහාසය එම පරපුරේම වත්මන් සාමාජිකයෙකු විසින් මෙලෙස ග්‍රන්ථාරූඪ කර තිබීම කීප අතකින්ම වැදගත් සංසිද්ධියකි. පෝහත් කෙහෙල්පන්නල, ඒ. ජේ. මාරඹේ, ආනන්ද පිළිමතලාව, සුනිල් මඩුගල්ල, චාමිකර පිළපිටිය වැනි සිය උරුමය ග්‍රන්ථාරූඪ කළ සාඩම්බර උඩරැටියන්ගේ නම් අතරට මෙෂාන් වඩුගොඩපිටිය යන නම් ද මේ අනුව ඇතුළත් කළ හැකිය. ඔවුහු සියලු දෙනාම සිය පාරම්පරික උරුමයේ සම්භාවනීය පාර්ශ්වය උත්කර්ෂයෙන් පිළිගනු ලැබුවා පමණක් නොව, එය අනාගත පරපුරේ දැනගැනීම සඳහා ලේඛන ගත කළහ. එය ඔවුන්ටම මිස වෙනත් බාහිර පාර්ශ්වයකට එතරම්ම සාර්ථක ලෙස කළ නොහැකිවනු ඇත. ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන ඓතිහාසික ලේඛන සහ ලේඛනගත නොවූ සාරම්පරික විස්තර ඉතිහාසඥයන්ගේ විචාරක්ෂියට යොමුවිය යුතුය.
සිය පරම්පරාවේ යටගියාව විස්තර කරන අතරම උඩරට රාජධානියේ ඉතිහාසය, සමාජ සැකැස්ම, පුජ්‍යස්ථානවල භාරකාරත්වය, ඉඩම් අයිතිය සහ බ්‍රිතාන්‍ය පාලනය යටතේ එකී ක්‍ෂේත්‍රවල සිදු වූ පර්වර්තනය මේ ග්‍රන්ථයට විෂය වී ඇත

Reviews

There are no reviews yet.

Be the first to review “Kanda Udarata Rajadaniye Wisu Abimanawath Parapuraka Athithawarjanaya – කන්ද උඩරට රාජධානියේ විසූ අභිමානවත් පරපුරක අතීතාවර්ජනය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat