Jinapalage Kathandare – ජිනපාලගේ කතන්දරේ
රු1,062.50
හැටේ දශකයේ සිය ළමා විය ගෙවමින් සිට අද වැඩිහිටියන්ට, දූ දරුවන් ලැබ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් ජීවිතය ගෙවමින් සිටින බොහෝ දෙනෙකුට වැවදෙණියේ ඇල්.ඩී මැන්දිස් යන නම දුටු පමණින් තම සුන්දර ළමා විය සිහිපත් වනු නිසැක ය. එතුමන් අතින් ලියැවුණු ‘පතංගල අයියා’, ‘පිනපාලගේ කතන්දරේ’, ‘සුරතල්ලු’ ආදි රසවත් කෘතීන් එකල ළමයින් අතර මෙන්ම වැඩිහිටියන් අතරද එකසේ ජනප්‍රියව පැවතිණි.
ඒ වැඩිහිටියන්ගේ දූ දරුවෝ අද ළමා විය ගෙවමින් සිටිනුයේ වඩා සංකීර්ණ සමාජයක ය. ඔවුහු කිලෝ ගණන් බර පොත් මලු කරින් ගෙන බස්රිය, වෑන්රිය, දුම්රියවල එල්ලී පාසල් යති. පාසල ඇරී නිවසට ආ මොහොතේ සිට ගෙදර වැඩ ය. අමතර පංති ය. විභාග වලට සුදානම් වීම්ය. එහෙත් කාටත් අමතක වූ දගකාර ළමා සිත තවමත් චමත්කාරය සොයමින් ඔවුන් තුල සැඟවී සිටිති. ලැබෙන සීමිත කාලය තුල මේ චමත්කාරය සොයා යන ඔවුනට රූපවාහිනිය, ජංගම දුරකථනය හැර වෙන අන් පිහිටක් නොලැබෙයි. ඉනුදු ඒ සැබෑ චමත්කාරය ලැබේදැයි සැකයකි. වැඩදෙණියේ ඇල්.ඩී මැන්දිස් සූරීන්ගේ ‘පිනපාලගේ කතන්දරේ’ නම් රසවත් කෘතියෙහි නව මුද්‍රණයක් මෙලෙස එළි දක්වනු ලබන්නේ මෙසේ දඟකාර ළමා සිත සඟවාගත් අද දුවා දරුවන් වෙනුවෙනි










Reviews
There are no reviews yet.