Keheli.lk

10% OFF

Hithuwak Oya Galabasi හිතුවක් ඔය ගලාබසී

රු1,080.00

අය බිහිසුණු වර්තමානයක දරාගත නොහැකි තරගයක අතරමංව විනාශය කරා ඇදෙන ලෝකයක සාක්ෂිකරුවන් වන අපට අපේම නුදුරු අතීතය මෙන්ම අප ද අයත් වන ඒ අතීත වැස්සන්ගේ ජීවන අරගලය, ඔවුන්ගේ ජීවන පැවැත්මේ සොඳුරු මෙන් ම අඳුරු අහුමුලු ද බෙහෙවින් ආගන්තුක වෙමින් පවතී. බහුභාණ්ඩික ලෝකයක් පසු පස හඹා යන අප අපේ ම අතීතය වේගයෙන් අමතක කර දමමින් අපට ම ආගන්තුකයන් වෙමින් සිටින බව අකමැත්තෙන් වුව ද පිළිගැනීමට වන සත්‍යයකි. එවන් වර්තමානයක ” හිතුවක් ඔය ගලා බසී ” නම් මෙම නවකතාව එක් අතකින් අපට අපේ සමීප අතීතය මෙන් ම අපේ ජන කොට්ඨාසයක සිතුම් පැතුම්, ජීවන අරගලය. සංස්කෘතික වටිනාකම් මෙන් ම ඒ අවධියෙහි අභියෝගයන් පිළිබඳ විවරණයක් සපයයි. ලාංකීය සමාජ, ආර්ථික, සංස්කෘතික මෙන් ම දේශපාලනික කලාපයන් හි ඉතා බරපතල වෙනස්කම් සිදු වූ දශක කිහිපයක් ආවර්ණය කරමින් රචිත මෙම නවකතාව කැලණි මිටියාවතේ භූමි කලාපයකට අයත් උප සංස්කෘතික ලක්ෂණ ද කැටි කර ගනිමින් එහි ජිවිත ඇසුරින් ලාංකීය සමාජය විවරණය කරන්නට දරන ලද නිර්මාණශීලී ප්‍රයත්නයකි.
සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක

Reviews

There are no reviews yet.

Be the first to review “Hithuwak Oya Galabasi හිතුවක් ඔය ගලාබසී”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat