Hithuwak Oya Galabasi හිතුවක් ඔය ගලාබසී
රු1,080.00
අය බිහිසුණු වර්තමානයක දරාගත නොහැකි තරගයක අතරමංව විනාශය කරා ඇදෙන ලෝකයක සාක්ෂිකරුවන් වන අපට අපේම නුදුරු අතීතය මෙන්ම අප ද අයත් වන ඒ අතීත වැස්සන්ගේ ජීවන අරගලය, ඔවුන්ගේ ජීවන පැවැත්මේ සොඳුරු මෙන් ම අඳුරු අහුමුලු ද බෙහෙවින් ආගන්තුක වෙමින් පවතී. බහුභාණ්ඩික ලෝකයක් පසු පස හඹා යන අප අපේ ම අතීතය වේගයෙන් අමතක කර දමමින් අපට ම ආගන්තුකයන් වෙමින් සිටින බව අකමැත්තෙන් වුව ද පිළිගැනීමට වන සත්‍යයකි. එවන් වර්තමානයක ” හිතුවක් ඔය ගලා බසී ” නම් මෙම නවකතාව එක් අතකින් අපට අපේ සමීප අතීතය මෙන් ම අපේ ජන කොට්ඨාසයක සිතුම් පැතුම්, ජීවන අරගලය. සංස්කෘතික වටිනාකම් මෙන් ම ඒ අවධියෙහි අභියෝගයන් පිළිබඳ විවරණයක් සපයයි. ලාංකීය සමාජ, ආර්ථික, සංස්කෘතික මෙන් ම දේශපාලනික කලාපයන් හි ඉතා බරපතල වෙනස්කම් සිදු වූ දශක කිහිපයක් ආවර්ණය කරමින් රචිත මෙම නවකතාව කැලණි මිටියාවතේ භූමි කලාපයකට අයත් උප සංස්කෘතික ලක්ෂණ ද කැටි කර ගනිමින් එහි ජිවිත ඇසුරින් ලාංකීය සමාජය විවරණය කරන්නට දරන ලද නිර්මාණශීලී ප්රයත්නයකි.
සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක









Reviews
There are no reviews yet.