Keheli.lk

10% OFF

Dear August

රු1,485.00

හයිරී ඇයට ඉඩ දුන්නාය. ඒ කරදරකාරී ලස්සන ඇඳුම හයිරිට දැරිය නොහැකි තරම් බරය. එහි වූ මුතු ඇටත්, අනෙකුත් දියමන්ති වැනි ගල් වලින් සෑදූ රටාවනුත් නිසා එය බරැතිව දැනෙයි. ගවොම මිල අධින වනත් බව සැකයක් නැත්තේ ඒ නිසාය. හයිරින්ගේ මුහුනට ඉදිරියෙන් වැටුන වේලය නිසා ඇගේ දර්ශන පථය අපහැදිලි විය. ලේස් රෙද්දෙන් කල රටා ද ඒ රටා වල ඇල්ලු දියමන්ති ද නිසා හයිරින්ගේ අතකින් අල්ලාගෙන නැඳවාගෙන යන්නට ඒ සේවිකාවට සිදුවිය. ඈ කිහිපවරක්ම පය පැකිලි ඇද වැටෙන්නට ගිය නමුත් ඇය පෙර මෙන් සෘජු උඩුනයින් යුතුව ඇවිද්දාය. පඩිපෙළ දෙපස අත් වැට සම්පූර්ණයෙන්ම සුදු පැහැ රෝස මල් වලින් සරසා තිබිණි. පඩිපෙළ පාමුල සිටි සුජීව ප්‍රනාන්දු හයිරිව පිළිගත්තේ වෙනදා මෙන් සන්සුන් සිනහවක් දෙතොල් අතර ඇඳගෙනය. දුනායා හයිරිව වැළඳගන්තේ නැහැය උඩට අදිමිනි.
“ඔයා සුරංගනාවියෙන් වගේ”
ඈ ඒ වාක්‍යය කිහිපවරක්ම කියන්නට අමතක නොතළේ ඔවුන් පඩිපෙළ නැග ඉහළට යන අතරේය. බිම දිගේ ඇදී එන තරම් දිගු වූ වේලය සේවිකාව විසින් ඔසවාගෙන ආවාය. පඩිපෙළ වඩා දිගු බව දැනුණේය. සංගීතය නැති කට හඬන් හෝ නැති හුදෙන් මිලාධික ආභරණ හා සපත්තු වලින් නැගෙන හඬත් කඩා නැලෙන්නට යන මෝසම් වර්ශාවේ පෙර ලකුණු වල හඬවලුත් පමණක් ඇති හෝරාවක් ඇරඹී තිබිණි. නමුත් හයිරී මේ කිසිවක් ඕනෑවට වඩා අමුතු ලෙස නොදුටුවේ ඈ එන්න එන්නටම උද්‍යෝගයෙන් පිරී යමින් සිටි නිකාය.

Reviews

There are no reviews yet.

Be the first to review “Dear August”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat