Keheli.lk

15% OFF
,

Keles Parwatha-කෙලෙස් පර්වත

Original price was: රු680.00.Current price is: රු578.00.

2005 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ නවකතාව

මෙය සිහිනයක් නොවේ නම්,මෙයට මොහොතකට පෙර අඳුරු භවාන්තරයේ සිහිනයක ක්‍ෂණික විදුලි එළි දහරකින් දුටු මුහුණක ඡායාවක් මේ හුදකලා කාමරයේ පහළ වූයේ කෙසේද? මෙවිට ඔහුගේ මුව්න් පිටවූයේ සැක සහිත මුමුණන හඬකි. ඒ සමඟම කඳුළු පිරි දෙනෙතින් යුතු එම මුහුණෙහි ඇඬුම් මුසු සිනාවක් මතුවනු ඔහු දුටුවේය. “මහත්තය හුඟ වෙලාවක ඉඳල නින්දෙන් දොඩවනවා. යි මෙතෙක් ඔහු ළඟ නිහඬව සිටි සෝමා කීවා ය. “මම හරියට බය වුණා…..”
“සෝමා අහගෙනද හිටියෙ?”
“ඇහුණා…… මට හරියට බය හිතුණා.” යි පැවසූ සෝමා හිස ඔසවා ඔහු දෙස උනන්දුවෙන් බැලුවාය. උපතිස්ස ඇගේ බැල්ම මඟහැර, මඳ වේලාවක් වහල දෙසට ඇස් යොමුකර ගෙන සිට මෙසේ කීවේය.
“ඒ මගේ අතීතෙ වෙන්නැති…… මගේ අතීතෙ මට වද දෙනවා”
එයින් හෙළිවන්නේ, මිනිස් සන්තාන ගත කර්ම සංස්කාර ප්‍රවාහයෙහි ගැඹුරු ස්මරණය වූ කලී කෙලෙස් ය යන සැබෑ (නිෂ්පන්න) දහම් අරුතයි. පුහුදුන් මනසෙහි නොසැලී පර්වතයක් මෙන් නැඟී සිටින මේ කෙලෙස් ස්මෘතිය, මිනිසා බවය පුරා නවාතැනින් නවාතැනට ගෙන යනු ලබන යානයක් වැන්න. ඕනෑම පුහුදුන් පුද්ගලයකුගේ ආධ්‍යාත්මික ගමන් මඟ විමසනු ලබන්නේ කෙලෙස් විසිනි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Keles Parwatha-කෙලෙස් පර්වත”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart