Dabara Bol දබර බෝල්
රු630.00
මේ ඉන්නේ තමා කරන මගෝඩ් වැඩක් ආරංචි වූ තාත්තාට, ඔහු අල්ලා ගැනීමට බැරිවන සේ එහාට මෙහාට ඉස්සෙකු මෙන් පනින සිරිමල්ය. තවත් විටෙක කඩාගෙන යන වැස්සී අල්ලා ගැනීමට සැඟව සිට උගේ පිට මතට පැන ඌව මෙල්ල කර ගන්නා සිමල්ය. එමෙන්ම මහත්තයාගේ වේ වැල දුටු විට, ඔහුට අල්ලා ගැනීමට බැරි වන සේ පැන දුවන සිරිමල්ය. මේ පාපන්දු ගෝල් රකින සිර්මල් තුළ ඒ චරිතයන් සියල්ලම සැඟව සිටියේය. ප්රතිවාදි පිලේ පන්දු යවන්නා දුවගෙන එන විට සිරිමල්ගේ සිතේ ඇඳුනේ නහට අහන්නේ නැතිව කඹය කඩාගෙන දුවගෙන වන රත්තී වැස්සීගේ රුවය. තියුණු නෙත් එ දෙසට යොමු කරමින් සිටි ඔහු ඉහළින් එන පන්දුවට පැන්නේ දුර සිට වැස්සීගේ පිට මතට පනිනා මෙන් වේගයෙනි.
පොළවේ සිට අඩි දෙක තුනක් ඉහළ නැගි පන්දුවට ඔහුව පරයා යාමට නොහැකි විය. සියල්ලම සිදුවුණේ ඇසි පිය ගසන වේගයෙනි. තත්පර ගණනක් ඇතුළතය. දෙහෙල්ගමුව සෙන්ට්රල් එකට කට උත්තරත් නැත. සිරිමල් තම යුතුකම ඉටු කර ගෞරවය රැක ගත්තේය. පන්දුව ඔහු හමුවේ පරාද විය. රෝහණ මහතාගේ බලාපොරොත්තුව ඉටු කළේය.










Reviews
There are no reviews yet.