Thiththa Kopi-තිත්ත කෝපි
රු1,147.50
වසර ගණනාවක් එකිනෙකා නුදුටු ඥාති සොහොයුරන් දෙදෙනෙක් 1859 වසරේ, මුළු ලන්ඩන් නුවරම මිහිදුම් සළුවෙන් වැසී ගිය එක් රැයක, හදිසියේ එකිනෙකා හමුවෙති. දැන් ලංකාවේ වතු හිමියෙකුව සරුසාර දිවි පෙවෙතක් ගත කරමින් සිටින හියු නෙවිල් තම නිහඬ ඥාති සොහොයුරාගේ සිත තුළ නව බලාපොරොත්තු දල්වාලන්නේ ලංකාවේ තම කෝපි වතුයායට යාබදව ඇති අනෙක් වතු යායක් මිලට ගන්නට ටොම් පොළඹවා ගනිමිනි. එංගලන්තයෙන් සමුගන්නට සුළු කලකට පෙර රූමත් සාරා හමු වී විවාපත් වන ටොම්, ඇය ද කැටුව ලංකාව බලා පිටත් වෙයි.
නන්නාඳුනන වතුයායක ඔවුන් අත්දකින දෑ සහ පියකරු සාරා හා සොයුරන් දෙදෙනාගේ දිවි පෙවෙත පිළිබඳවත්, අභියෝග හමුවේ නොසැලෙන ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යය පිළිබඳවත් මෙහි විස්තර වෙයි.ක්‍රිස්ටීන් විල්සන්ගේ BITTER BERRY නම් සුප්‍රකට නවකතාව අනුල ද සිල්වාගේ සිත් ඇදගන්නා සුළු බසින් සිංහලට නැඟෙන්නේ නොවෙනස් ප්‍රතිනිර්මාණයක් ලෙසිනි.
Availability: In stock








Reviews
There are no reviews yet.