Keheli.lk

15% OFF

Aththatu Mewila-අත්තටු මැවිලා

රු467.50

මිනිස් චරිත හා සමබරව පරිසරය මතුකර දැක්වීමට තරම් ක්‍රස්ටීන් විල්සන් පරිසරයට ආදරය කළා ය. පරිසරයේ සුන්දරත්වය මෙන්ම ගූඪ බව මිනිස් චරිතවලට බලපාන්නේ ඇතැම් විටක මිථ්‍යාවට යට වෙමිනි. ක්‍රිස්ටීන් විල්සන් ලියූ I AM THE WINGS නම් නවකතාවේ තම පියා සොයා එන ඈන් නම් තරුණියත්, තම සහෝදරයා සොයා එන ක්‍රේග් නම් තරුණයාත් අතර ඇතිවන මත ගැටුම කෙළවර වන්නේ ඔවුන් මිථ්‍යාව තුළින් මතුවන සත්‍යය සොයා ගැනීමෙනි. ක්‍රිස්ටීන් මවන සියළු චරිත ජීවමාන ය. පරිසරය එයටත් වඩා ජීවමාන ය.
I AM THE WINGS අත්තටු මැවිලා නමින් මෙලෙස සිංහලට නඟන්නේ ලෝ පතළ කෘතීන් රැසක්, ස්ව නිර්මාණ තරම්ම පාඨකයාට සමීප වන පරිදි, සරල සුගම බස් වහරකින් සිංහලට නඟා පළ කොට රසික ප්‍රතිචාර දිනාගත් අනුල ද සිල්වා විසිනි.
ක්‍රිස්ටීන් විල්සන්ගේ BITTER BERRY සහ THE MOUNTAIN ROAD නම් නවකතා ද තිත්ත කෝපි හා කඳුකර මාවත නමින් ඇය අතින් පරිවර්තනය වී තිබේ.

Availability: In stock

Reviews

There are no reviews yet.

Be the first to review “Aththatu Mewila-අත්තටු මැවිලා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat