Thaliban Krikat Klab තලිබාන් ක්‍රිකට් ක්ලබ්
රු1,320.00
ආගමික අන්තවාදයේ බිහිසුණු හස්තයෙන් සහ යුධ බියෙන් මැඩලනු ලැබූ කාබුල් නගරය පසුබිම් කොටගත්, අතිශය දරුණු පීඩනය හමුවේ නොසැලී හිඳින එක් ඇෆ්ගනිස්ථානු තරුණියකගේ ආත්ම ශක්තිය සහ ධෛර්යය පිළිබිඹු කෙරෙන හෘදයාංගම වූත්, සංවේදී වුත් නවකතාවකි.
රුක්සානා යනු කාබුල් ඩේලි පුවත්පතේ වාර්තාකාරිනියක ලෙසින් සේවය කරමින් සිටින ඉතා ධෛර්ය සම්පන්න තරුණ මාධ්‍ය වේදිනියකි. දිනක් ඇයට, එරට ක්‍රියාත්මක වන කුප්‍රකට අමාත්යාංත්යාංශයක් වන ‘ගුණදහම් ප්‍රචාරණය කිරීමේ සහ දුසිරිත් වැළැක්වීමේ කටයුතු පිළිබඳ අමාත්‍යාංයේ’ අමාත්‍ය ධුරය දරන, දැඩි මතධාරී, බිහිසුණු පුද්ගලයෙකු වන සෝරක් වහීදී ඉදිරියට පැමිණෙන ලෙසින් දැනුම්දීමක් කරනු ලබයි. එහිදී තලිබාන් රජ්‍ය විසින් ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරන බව නිවේදනය කෙරෙන අතර, එයින් ජය ලබන කණ්ඩායමට ඇෆ්ගනිස්ථානය නියෝජනය කරමින් ජාත්‍යන්තර මට්ටමින් තරඟ වැදීම සඳහා විදේශ ගත වීමට අවස්ථාව හිමිවෙන බව දැනුම් දෙනු ලබයි.
මෙම තරගාවලිය රුක්සානාගේ සොහොයුරාට සහ ඥාති සොහොයුරන්ට අන්තවාදීන්ගේ රුදුරු ග්‍රහණයට හසුවී ඇති වීම බිහිසුණු දේශයෙන් පලා යාමට ලැබෙන ස්වර්ණමය අවස්ථාවකි. එහෙත් රුක්සානාට මෙය හුදෙක්ම ක්‍රිකට් තරඟාවලියක් නොව සිය ජීවිතය සහ මරණය අතර කෙරෙන අරගලයකි. මන්දයත්, ඇයව සිරකාරියක ලෙසින් සිය නිවසට කැඳවා ගෙන යෑමේ අරමුණින් යුතුව වහීදි ඇයට විවාහ යෝජනාවක් රැගෙන එන බැවිනි.
සිය දොති සොහොයුරන්ගේ සහයද ඇතිව රුක්සානා තම නිදහස උදෙසා අතිශය නිර්භීත සැලසුමක් දියත් කරයි. ඒ සඳහා ඔවුන් කළ යුතුව ඇත්තේ එකම කාර්යයකි; එනම් ක්‍රිකට් ක්‍රීඩාව උගෙන, කෙසේ හෝ එම තරගාවලිය ජයග්‍රහණය කිරීමයි.








Reviews
There are no reviews yet.