Keheli.lk

10% OFF

Sinhala Pamanai (1 weluma) – සිංහල පමණයි ( 1 වෙළුම )

රු585.00

මනුකා විජේසිංහ Silhouettes of Justice, Monsoon and potholes හා Theravada Man යන කෘතිවල කතුවරිය යි ඇය නර්තන ශිල්පිනියක් ද නාට්‍ය රචකාවියක් හා විකල්ප වෛද්‍ය විද්‍යා වෘත්තිකාවක් ද වන්නීය. එමතු නොව, ඇය මළ හා ජීවමාන යන භාෂා දෙක්හි ම ලෝලිනියකි. ඇය උපත ලැබුවේ ද හැදී වැඩුණේ ද ලංකාවේය. ඇයගේ නිර්මාණ වූ කලි, දිවයිනේ අධ්‍යාත්මය හා දිවයිනේ ජනතාව තුළට දෙපයින්ද කරත්තයෙන්ද දුම්රියෙන් හා මෝටර් රථයෙන් ද කළ චාරිකාවක් වෙයි.සිංහල පමණයි (Sinhala Only)ජාතියේ ඉරණම සම්බන්ධයෙන් මනුකා විජේසිංහයන් විසින් රචිත වැඩි ම අලෙවියක් වාර්තා කළ තුන් ඈඳුතු නවකතාවේ පළමු කොටස් දෙක වන Monsoons and Potholes yd Theravada Man යන නවකතා වල සාර්ථකත්වයෙන් පසු දැන් අපට එහි අවසාන කොටස වන සිංහල පමණයි කියවන්නට ලැබී තිබේ.සිංහල පමණයි වූ කලි, ලංකාවේ භූ දර්ශය තුළ ජනතාවගේ ද ඔවුන් පිළිබඳ කතාන්දර වල ද ඔවුන්ගේ හුරු පුරුදු, චාරිත්‍ර වාරිත්‍ර හා මනෝ වෘත්තීන්හි ද පලුදු වසා දැමීමේ තාවකාලික ප්‍රතිකර්මයකි. එය අනේකත්වයේ අධ්‍යාත්මය යි. ඇයගේ කෘතිය යුගයේ ආකල්පවලින් වෙළා ගැනීමට නියමිත ව තිබූ සෙයක් පෙනෙන්ට තිබෙන පටු බුද්ධිකත්වයේ අතිමහත් තර්ජනය මධ්‍යයේ මේ අනේකත්වය ආරක්ෂා කිරීමට දරන ලද නිර්භීත ප්‍රයත්නයකි.
සිංහල පමණයි වූ කලි, ජාතියේ තරුණයන් මුහුණ දී සිටින කනගාටුදායක ඉරණම පිළිබඳ මෙන් ම දෙමළ හා සිංහල ත්‍රස්තවාදයේ උපත පිළිබඳ කතාන්දරය යි. භාෂා දෙකක් සහිත එක් මුහුණක්. එකම කාසියේ දෙපැත්ත සිංහල පමණයි එහි එන බොහෝ දෙබස් හා රංගධාරීන් ආධාර කර ගනිමින් ලංකාවට මඟ වැරදුණේත් ඉන්දියාව නිවැරදි මාවතට ප්‍රවේශ වෙමින් සිටින්නේත් ඇයි දැයි සසඳා බලයි.සිංහල පමණයි වූ කලි, බෞද්ධයන්,හින්දූන්,දමිළයන්,කිතුණුවන්, මුස්ලිමුන් හා සිංහලයන් ගැන සාකච්ඡා කරන කෘතියකි. එක් කලෙක ලංකාවේ ශක්තිය ව පැවති අනේකත්වය භික්ෂූන් හා වෙළඳ ව්‍යාපාරිකයන් සහයෝගී ව ක්‍රියා කිරීම හා හුදු වාගාලංකාර හා ප්‍රජාතන්ත්‍රවාදයේ ආශීර්වාද ලත් අධිෂ්ඨානය තුළින් දේශපාලන දුක්ගැනවිලි, ප්‍රචාරකයා ජයග්‍රහණය කිරීම සමඟ අවසන් විය. එය සිංහල පමණයි ‘ ප්‍රතිපත්තියේ කූටප්‍රාප්ත වීම විය.සිංහල පමණයි වූ කලි, දේශපාලන දුක්ගැනවිලි – ප්‍රචාරකයා අනුගමනය කළ පුද්ගලයන් පිළිබඳ කතාන්දරයක් ද වෙයි ප්‍රජාතන්ත්‍රවාදී වාගාලංකාර හා මැතිවරණ ප්‍රයෝගය නමැති කසය ආධාරයෙන් ඔවුහු ලංකාව කරත්තකරුවන් විසින් නොව ගොනුන් විසින් නායකත්වය දෙනු ලබන ජාතියක් බවට පත් වීමට ලංකාව පල්ලම කරා මෙහෙය වූහ.සිංහල පමණයි වූ කලි, යුගයේ ප්‍රවණතාව පිළිබඳ මෙන්ම, තමන් ජීවත් වූ යුගයේ පැවති ප්‍රවණතාව ප්‍රකාශයට පත් කළ මිනිසා පිළිබඳ කතාන්දරය ද වේ.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Sinhala Pamanai (1 weluma) – සිංහල පමණයි ( 1 වෙළුම )”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat