Keheli.lk

10% OFF

Rhythm of Living – රිදම් ඔෆ්

රු2,475.00

අර්ථනායක නිවසේ ඉසිවර ද උන්නේ අවදියෙනි. කවි ගී ගයනා, කතා දිග හරිනා සිනහවෙන් හැඩ වු කිඳුරිය නොමැතිව මන්දිරයම පාළුවට ගොස් ඇති සෙයකි. කාලය සෙමෙන් ගමන් කරනා ලෙසින් හැඟේ. වදන් සීමිතප්‍රමාණයක් පමණක් හුවමාරු කර ගෙන ඇති මනුෂ්‍ය ප්‍රාණියෙක් පැය හතළිස් අටක් පමණ නිවසට නොපැමිණි විට මෙතරම් පාළුවක් දැනෙන්නේ කෙසේ දැයි ඔහුට සිතා ගත නොහැක.

යම් පරිවර්තනයක් සිදු වෙමින් පවතිනා වග දැනුණද ඔහු එක් අතකින් එයට බිය විය. අනෙක් පසින් එයට ලොබ බැන්දේය. තව පසෙකින් මුහුණ දීම මග හැරියේය. සිතුවිලි සුලභව අන්තදෙකක් අතර දෝලනය වෙමින් පැවතිණ. ඔහුගේ භාවයන් ඒ අනුව දෝලනය විය. හැඟුමන් නිශ්චිතව හඳුනා ගැනුම ඉදිරියේ ඔහු පසු බැස්සේය. වෙනතක බලා ගත්තේය.

Reviews

There are no reviews yet.

Be the first to review “Rhythm of Living – රිදම් ඔෆ්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat