Keheli.lk

10% OFF

Piyapath lath doniya-පියාපත් ලත් දෝණිය

රු877.50

***2010 ස්වර්ණ පුස්තක පළමු වටයට නිර්දේශිතය***

දුප්පත්කමින් පීඩිත තරුණියකට දුකෙන් හා පීඩාවෙන් පිරුණු සිය ජීවිත ඉරණමෙන් කොතෙක් දුරට පලා යා හැකි ද? අනන්තවත් සුභ සිහින දකිමින් හා ඒ සිහිනවල අපූර්වත්වය විශ්වාස කරමින් ඇයට කොතෙක් දුරට සිය ජීවිත අපේක්ෂා පසු පස හඹා යා හැකිද? ඒ නොපසුබට උත්සාහය ආශ්චර්යමත් චාරිකාවක් කර ගත් යුවතියක ගැන “පියාපත් ලත් දෝණිය” නවකතාවෙන් විවරණය වේ.යෞවනත්වයෙන් තාරුණ්‍යයට, දර්ද්‍රතාවෙන් සෞභාග්‍යයට ,අහිංසකත්වයෙන් ඥාන ප්‍රාප්තියට ගමන් කරමින්, සීමා මායිම් නැති ඉම නොපෙනෙනා ලෝකය දකින්නට හා එහි සුන්දරත්වය විඳින්නට ඈ ගන්නා උත්සාහය පුදුම සහගතය. සියලු ජීවිත බැඳුම් බිඳ දමමින්, ප්‍රේමය ලුහු බඳිනවා වෙනුවට ප්‍රේමයෙන් පලා යමින්, සිය පුද්ගල නිදහස සාක්ෂාත් කර ගන්නට ඈ යන මේ ගමන අමතක කළ නොහැක. අප අත් නොදකින ඇය උපන් දිළිඳු ගම්මානයත්, අප නොදුටු ඇය සොයා ගිය සශ්‍රීකත්වයෙන් පිරුණු නිව්යෝර්ක් නගරයත්, ඒ හා බැඳුණු මනුෂ්‍යය ජීවිතත් අතර පුද්ගල යථාර්ථය හා සමාජ යථාර්ථය විනිවිදිමින් ඈ පවසන කතාව චමත්කාරජනකය.

මෙහි කතුවරිය ශමෙල් ජයකොඩි වෘත්තියෙන් ඉංජිනේරුවරියකි. “යළි උපන් ගැහැනිය” හා “රෝසමාලී” කතුවරිය විසින් මීට පෙර ලියා පළ කළ නවකතාය.

Reviews

There are no reviews yet.

Be the first to review “Piyapath lath doniya-පියාපත් ලත් දෝණිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat