Munnakkare sansare-මුන්නක්කරේ සංසාරේ
රු1,800.00
***2023 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත නවකතව***
සහලවා උණෙත් ඇඳට වැටී සිටිය ද ඔහු වෙඩිකන්ද දෙසට යාමේ අභ්‍යන්තර කැදවුමක් ලැබිණ. කැබිනෙට්ටුවට යාබද කුඩා කවුළුවෙන් අහස දෙස බලාගෙන ලතින් කන්තාරුවක් මතුරමින් උන් කත්රිනා, අහසේ නිස්කලංකව ගලා ගිය වලාකුළු හිටිහැටියේ ම කලබල වූයේ ඇයිදැයි සිතන්නට වූවා ය. කුස්සියේ දොර රෙද්ද මෑත් කළ දිවැසිවරයා දුටුවේ, ප්රීමස් පතරංග කලාලය මත පාවෙමින් සිටින බව ය.
දිවැසිවරයා වේගයෙන් මිදුලට පැන ගත්තේ ය. ලැයිම් තොටුපළ දෙසින් එක්වර ම අහසට නැගුණු මුහුදු ලිහිණි රෑනක් කුරුසියක හැඩයට පේළි ගැන්වෙනු, මිදුලට බට සැණින් උන්වහන්සේට පෙනිණ. උන්වහන්සේගේ ආතුර මනසට නැඟුණේ අසීසියේ දිළින්දාගේ අපිස් මුහුණ ය. වෙඩිකන්ද දෙසට ලිහිණි රෑන ද, වලාකුළු ද පහත් ව එනවා මුන්නක්කරයේ සෙනඟ බලාගෙන ය. සකල වලාකුළු අතරින් අහසට දුමක් නැගෙත්තට වත. මොහොතකින් විදුලි කොටන්නට විය.
ඉකිබිති ඇද හැලුණේ ගිගුරුම් සහිත මහා වරුෂාවකි.










Reviews
There are no reviews yet.