Keheli.lk

15% OFF

Jeewithaya Widinnata Kalayai Saha Thawath Katha – ජීවිතය විඳින්නට කාලයයි සහ තවත් කතා

රු272.00

විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ලේඛකයන් දොළොස් දෙනකුගේ ”කොයුෂ සහ තවත් කතා ” එකතුවෙන් සිංහල පාඨකයා අතරට ගෙන ආ සාලිය ගුණවර්ධනයෝ විශිෂ්ට පරිවර්තකයෙකු වශයෙන් ඔහුගේ සළකුණ තැබීමට සමත් වූහ. එකිනෙකට වෙනස් වූ තේමාවන් යටතේ චීන, රුසියානු, ප්‍රංශ, ඉන්දියානු සහ මියන්මාර් කෙටි කතා දාහතරකින් සමන්විත “ජීවිතය විඳින්නට කාලයයි” ඔස්සේ හේ තවත් පියවරක් ඉදිරියට තබයි. ශත වර්ෂයකට අධික කාල පාරාසයන් ඔස්සේ ලියවී ඇති මෙම කෙටි කතා විවිධ තේමාවන්ගෙන් යුත්තය. මේ ඔස්සේ විවිධ සංස්කෘතිත හරයන් පාඨකයාට හඳුන්වා දෙන අතරම කාලයත් සමඟම කෙටිකතා කලාවේ සිදුවී ඇති වෙනස්කම් සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමට ද පාඨකයාට අවස්ථාවක් සලසා තිබේ. අන්‍ය භාෂාවන් සම්බන්ධයෙන් පරිචයක් නොලත් සිංහල පාඨකයාට බොහෝ ව්ට පතළ ලේඛකයන් ඇසුරු කිරීමට ලැබෙනුයේ ඉංග්‍රීසි පරිවර්තනය හරහා සිංහලයට ගැගුණ නිර්මාණ තුළිනි. එය තෙවැනි ඇසකින් බැලීමක් සේ සිතිය හැකිය.

වඩාත් වැදගත් වන්නේ ඉංග්‍රීසිය හරහා පැමිණියද එය අපේම බවට පත් කිරීමට සාලිය ගුණවර්ධනයන් දක්වන සමත්කමය. ඔහුගේ භාෂා ශෛලිය සරලය. සුගමය, “ජීවිතය විඳින්නට කාලයයි”. විශ්ව සාහිත්‍යයෙන් හරවත් නිර්මාණ සමුච්චයත රස භාවයන් වින්දනය සඳහා පාඨකයාට ගුණවර්ධනයන්ගෙන් ලැබෙන සාදර ඇරයුමකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Jeewithaya Widinnata Kalayai Saha Thawath Katha – ජීවිතය විඳින්නට කාලයයි සහ තවත් කතා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat