Magam Soliya – මාගම් සෝලිය
රු1,402.50
ඉංග්‍රීසින් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් ලන්දේසීන්ගෙන් අත්පත් කරගනු ලබන්නේ 1796 දීය. සිංහලේ අවසන් රජ වූ නායක්කාර් වංශික කන්නසාමි කුමරා ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් වයස අවුරුදු 18 දී උඩරටදී අභිෂේක ලබන්නේ 1798 දීය. 1803 දී ප්‍රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා යටතේ ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණය කළත් රදළ ප්‍රධානීන්ගේ සහ රට වැසියන්ගේ සහයෝගය ලබාගෙන එය සාර්ථක ලෙස මැඬ පවත්වන්නට රාජසිංහ රජු සමත් විය.
එහෙත් බ්‍රිතාන්‍ය සිවිල් සේවක ජෝන් ඩොයිලිගේ සූක්ෂ්ම උපාය මාර්ග හරහා රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා යටතේ 1815 දී ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණය කරන විට රාජසිංහ රජු රදළ ප්‍රධානීන්, භික්ෂූන් වහන්සේලා හා රටවැසියන් අතර බෙහෙවින් අප්‍රසාදයට පත්ව සිටි නිසා ඔහුට ඔවුන්ගේ සහයෝගය නොලැබිණ. ඒ අනුව 1815 දී වසර 2300 ක් මෙරට පැවති රාජාණ්ඩු ක්‍රමය අවසන් වී උඩරට රාජ්‍ය උරුමය එංගලන්තයේ තුන්වෙනි ජෝර්ජ් රජ්ජුරුවන්ට බාර විය.
ඉන් පසුව ඉංග්‍රීසින් උඩරට රදළ නායකයන් සමග එකගව අත්සන් කළ උඩරට ගිවිසුමට ප්‍රතිපක්ෂව යුද නීතිය සියතට ගෙන කටයුතු කරන්නට වූ බැවින් 1818 දී ඉංග්‍රීසින්ගෙන් රට බේරාගැනීමේ අදිටනින් යුතුව ඌව වෙල්ලස්ස කැරැල්ල ඇරඹිණ. එය එදා මෙදා තුර ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ ශ්‍රී ලාංකිකයන් අධිරාජ්‍යවාදී හමුදාවකට එරෙහිව මුහුණ දුන් දරුණුතම – ඛේදනීය විමුක්ති සටන ලෙස ඉතිහාස ගත වී තිබේ.
මේ කාල අවකාශය තුළ ක්‍රි.ව. 1809 ත් 1819 ත් අතර දශකයක කාල පරාසයේ ඌව වෙල්ලස්සේ ගමක සිදු වූ හා නොවූ සිද්ධි සමුදායක් මේ කතාවට වස්තු විෂය වෙයි.








Reviews
There are no reviews yet.