20% OFF
Ma Aa Mawatha – මා ආ මාවත
රු960.00
මානව ක්‍රියාකාරිත්වය සඳහා ජීවත් වන පරිසරය ප්‍රබල බලපෑමක් සිදු කරයි. එය ලෝක ස්වභාවයකි. මෙයට පසුබිම් වන ග්‍රාමයේ ස්වභාවය හා එයට අනුගත ව ජීවත් වන මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ලේඛකයා කරන විවරණය සාහිත්‍ය නිර්මාණයක සීමාවන් අතික්‍රමණය කරමින් සමාජ විදනව, මානව විද්‍යාව, ජනශ්රැති, ග්‍රාමීය ජනතාවගේ පාරම්පරික දැනුම හා හැකියාවන් ආදිය පිළිබඳ ව ද පාඨක අවධානය යොමු කරලීමට මග පාදයි.
වාර්ගික අර්බුදයට පෙර අත්දැකීම් මෙම කෘතිය මගින් පාඨකයාට කියවීමට ලැඛෙන්නේ එම අර්බුදයෙන් පසුකාලීන යුගයක ය. එම නිසා පාඨකයාට විද ගැනීමට ලැබෙන අත්දැකීම ඉතා ප්රබලය. ශ්‍රී ලාංකික දූපතේ පවතින බහු සංස්කෘතික සමාජයේ තත්ත්වය හා වර්ධනය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගැනීමට නවකතාවේ ඇතුළත් සංවාද මනා පිටිවහලක් ලබා දෙයි







Reviews
There are no reviews yet.