Keheli.lk

10% OFF

Kapithange Diyaniyo – කපිතන්ගේ දියැණියෝ

රු855.00

අලෙක්සන්දර් පුෂ්කින්ගේ ‘ කපිතන්ගේ දියැණියෝ’ නම් මෙම කෘතිය රුසියන් බසින් සිංහලයට නගා ඇත්තේ දැදිගම වින්සන්ට් රුද්රිගු විසිනි. 1929 ජුනි 25 දා කොළඹදී උපත ලැබූ හේ එක්දහස් නවසිය පනස් ගණන්වල ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උද්යෝගිමත් ක්‍රියාධරයෙක් විය. 1960 දී මොස් කව්හි ‘ලුමුම්බා ‘ මිත්‍රත්ව සරසවියට ඇතුළත් වූ ඔහු එහිදී වෛද්‍ය උපාධිය හිමිකර ගත්තේය.

අනතුරුව මොස්කව්හිම රැඳි වෛද්‍ය සේවයෙහි නිරත වූ හේ තදනන්තරව සාහිත්‍ය හා සන්නිවේදන කටයුතු වල ද නියැළුණු අතර 1988 නොවැම්බර් 29 දා එහි දීම මිය ගියේය. රුසියානු හා සෝවියට් සාහිත්‍ය කෘතීන් සම්භාරයක් රුසියන් බසින් සිංහලයට නැගීම මඟින් එකී සාහිත්‍ය මෙහි ප්‍රචලිත කිරීමෙහිලා ඔහු අතින් ඉටු වූ මෙහෙවර අගයමින් 2005 ඔක්තෝබර 27 දා කොළඹ දී ඔහුගේ නමට ‘ ලියෝ තොල්ස්තෝයි ‘ සම්මානය පුදනු ලැබිය.

විශ්ව සාහිත්‍යයෙහි අද්විතීය ස්ථානයක් හිමි කරගෙන ඇති රුසියානු හා සෝවියට් සාහිත්‍ය, ශ්‍රී ලාංකීය ජනතාව අතර ද ඉමහත් ප්‍රසාදයට පාත්‍ර වූ විෂයයකි. ඉකුත් කාලයේදී මොස්කව්හි ප්‍රගති, රාදුගා වැනි රාජ්‍ය ප්‍රකාශන ආයතන මගින් රුසියානු හා සෝවියට් කෘතීන් සිංහලයට පරිවර්තනය කරවා මුද්‍රණය කර මෙහි එවීමේ ක්‍රියාවලියක් පැවතියේ ය. මෑත කාලයේ ඒ ක්‍රියාවලිය ඇනහිටීමේ හේතුවෙන් එකී සාහිත්‍ය මෙරට ප්‍රවර්ධනය වීම අඩාළ වූ බව නොරහසකි. එසේවතුදු, යථෝක්ත කෘතීන් මෙරට ප්‍රකාශකයන් ලවා නැවත මුද්‍රණය කරවා පළකිරීමේ නව ක්‍රියාවලියක් කොළඹ රුසියානු කේන්ද්‍රය ආශ්‍රිත රුසියානු සාහිත්‍ය කවය මගින් ආරම්භ කොට දැන් පවත්වා ගෙන යනු ලැබේ. එහි අරමුණ වන්නේ ඒවා මුල් කෘතීන් මෙන් විධිමත්ව ද මනා නිමාවකින් යුතුව ද පාඨකයින් අතට පත් කිරීමයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Kapithange Diyaniyo – කපිතන්ගේ දියැණියෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat