Keheli.lk

10% OFF

Kadaweediya කඩවීදිය

රු540.00

මහා ධාවන තරගයදා කෝකි උදෑසනම අවදි වූවාය. රන්ජි සමඟින් තණ පිට්ටනියට ගිය ඇගේ අත කුඩා පෙට්ටියක බහා ලූ කුරුමිණියෙක් විය. තරගය පැවැත්වෙන තරමක් ලොකු කාඩ්බෝඩ් පෙටිට්ටියේ ලණු ඇද ධාවන පථ සකසා තිබුණි. කුරුමිණියන් තරගය ආරම්භ වෙනතුරු රඳවා ගැනීම තරමක් අමාරු කටයුත්තක් විය.
මේ කතා පෙළ මඟින් උතුරු ඉන්දියාවේ කුඩා නගරයක පරිසර චමත්කාරය සහ එහි ජනතාව පාඨක හදවතට ළං කරයි. එපමණක් නොව ලෝකයේ කුමන රටක සිටිය ද ළමයින්ගේ සිතුම් පැතුම් හා දඟකාරකම් නම් එක සමානය යන්න අපට කියා දෙයි. රස්කින් බොන්ඩ්ගේ The Road to the Bazaar නම් අපූරු කෘතිය මෙසේ සිංහලට නැඟන්නේ මින් පෙර ඔහුගේ කෘති දෙකක් කඳුකර දරුවා සහ කඳුකරයෙන් පිටමංව යනුවෙන් පරිවර්තනය කළ සේමාලි කැල්ලපත විසිනි.

Reviews

There are no reviews yet.

Be the first to review “Kadaweediya කඩවීදිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat