10% OFF
Jeewithaya Yali Ladimi – ජීවිතය යළි ලදිමි
රු1,215.00
බෙනයක්, ගුහාවක් වැනි තැනකට රිංගාගෙන මිනිසුන්ට ජීවත්විය හැකි ද? එහෙත් දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන්ට දිවි බේරාගැනීමට සතුන් මෙන් එලෙස සැඟව සිටීමට සිදුවිය. යුදෙව්වෙකු වීමේ ශාපයට වන්දි ගෙවන තරුණ මවක් සිය පස්මසැති බිලිඳු දරුවා සමග එවැනි ජීවිතයක් කරා තල්ලු වේ. එයද දවසකට දෙකකට, මාසෙකට හමාරකට නොව යුද්ධය පවතින තුරාවටය.
අනෙක් මව්වරුන් ජීවිතාශාවෙන් තම දරුවන් අතරමඟ දමා ස්වයං විමුක්තිය පැතුවද මේ මව තම දරුවා මත්තෙම නැහෙයි. සමාජ ඉතිහාසයේ ඉතා අඳුරුම යුගයකදී මානව බැඳීම් හා අදිටන මතින්, පලාගිය ජීවිතය යළි ළඟාකර ගත් අයුරු මෙම අනුවේදනීය සත්‍ය කතාවෙන් ලියෝකාඩියා ෂ්මිට් ලොවට හෙළිකරයි.







Reviews
There are no reviews yet.