15% OFF
Hitlerge dina satahan – හිට්ලර්ගේ දින සටහන්
රු1,190.00
1945 අප්රේල් මස 22 දින වන විට තමා සටනින් පරාජය ලබා ඇති බව ජර්මානු නායකයා පැහැදිලිව තේරුම්ගෙන සිටියේය. එදින සවස පැවති සාකච්ඡාවේදී හිට්ලර් එම කාරණය යුද සෙනෙවිවරුන්ට පවසා ඇත. ඔහු එදින සවස හතරට තම පෞද්ගලික සේවකයෙකු වන ජූලියන් ස්කූබ් කැඳවීය. ඔහු හිට්ලර්ගේ ලේකම්වරයාද, ආරක්ෂකයාද, පණිවුඩකරුවාද විය. ඔහු වසර විස්සක් පමණ හිට්ලර් සමඟ විශ්වාසවන්තව කටයුතු කර ඇත.
රාජ්ය නායකයා සහ ජූලියන් හිට්ලර්ගේ නිදන කාමරයට ගොස් එහි සවිකොට තිබුණු අඩි හතරක් උස අඩි තුනක් පළල වානේ සේප්පුවක් විවෘත කළහ. එහි තිබුණේ රාජ්ය නායකයාගේ පෞද්ගලික ලියකියවිලිය. ඒ සියල්ලම සූප්කේක්ස් කීපයක අසුරා බංකරයෙන් උඩ පිහිටි උද්යාන භූමියට ගෙනගොස් පෙර දිනක බෝම්බ වැටී හෑරී තිබූ ලොකු වළකට දමා ගිනි තබන ලදී.








Reviews
There are no reviews yet.