10% OFF
ආදර කතා, නවකතා
Hathuru Hithak – හතුරු හිතක්
Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.
කරුණාසේන ජයලත්ගේ තුන් ඈඳුතු නවකතාවේ අවසන් කොටස ‘හතුරු හිතක්’ කතාවයි. මුල් කොටස් දෙක ‘ගැහැනු ළමයි’ හා ‘පිරුණු සඳක්’ යනුවෙන් හැඳින්වේ. යොවුන් චිත්තාවේගයන් ඉතා සංගත හා සංවේදී ලෙස චිත්‍රණය කළ මෑත පරපුරේ ලේඛකයන් අතර කරුණාසේන ජයලත් නිසැකවම ප්‍රමුඛස්ථානයක් හිමිකර ගනී. ඔහුගේ සෑම නවකතාවකම යොවුන් සිතට උරුම චිත්ත ධර්මතාවන් ඉතා සියුම් ලෙස විශ්ලේෂණය වෙයි. කරුණාසේන ජයලත් විශිෂ්ට ලේඛකයකු වන්නේ මේ විග්‍රහයන්හිදී, තමා විසින් පනවා ගන්නා ලද චර්යාධර්මතාවන්ට අනුගත වීම නිසාය. ජයලත් ප්‍රවීණත්වයට උරුමකම් කියන්නේ ලේඛන කුසලතාව මෙන්ම මේ ශිෂ්ට සම්පන්න පිළිවෙතෙහිද පිහිටීම නිසාය.




Reviews
There are no reviews yet.