15% OFF
Diary of Oliviya
රු722.50
එදා රෑ තමයි මගෙ ජීවිතේ දිගම රෑ
නප්පරයක් විනාඩියක් වගේ දැනුණ, විනාඩියක් පැයක් වගේ දැනුණ. පැයක් අවුරුද්දක් වගේ දැනුණ රැයක්!
ජීවිතේ පණ වගේ ආදරය කරපු මනුස්සයා හෙට ආගන්තුකයෙක් කියලා මට දැනුණා.
අවුරුදු ගාණක් එක දිගට නොවරදවා ආපු ගුඩ් මෝනින් මැසේජ් එක නව දුරටත් එන්නෙ නෑ කියලා මට දැනුණා.
කෑවදා, කොහෙද ඉන්නේ, ඇයි පරක්කු වගේ ඔයාගේ හූරතල් කතා. පැය ගණත් දොඩමලූ වූණ හවස් වරු, අත් පටලන් ඇවිද ගියපු හවස් වරු ආයෙ එන්නෙ නෑ කියලා මට දැනුණා.
කොටින්ම කිව්වොත්, මහා පාන්දර තුනටත් කාමරේ එහාට මෙහාට ඇවිදිත ගමන් ‘මේක හීනයක්වත් උනා නම් කියලා හිතුණා.
හෙට ඉඳලා මම මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා මටවත් හිතාගන්න බැරි වුණා.
සේම පැත්තකට දාලා ‘අනේ මාව දාලා යන්න එපා. ආයේ මගෙ ළඟට එන්න’ කියන්නත් හිතුණා.








Reviews
There are no reviews yet.