Keheli.lk

10% OFF

Asura dhyanawedaye maha nimawumkaru-3-අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු-3

රු2,115.00

මුළු මහත් ධ්‍යානවේදී ලෝකයම වෙන් නිකායේ බලලෝභී, අසාධාරණ පාලනයට එදිරිව යුද වැදුණු අතීතයේදී. ඒ වෙනුවෙන් අසුර ධ්‍යානවේදී මාර්ගය තෝරා ගැනීම හැර අන් විකල්පයක් වෙයි වූෂියැන්ට නොතිබිණි.

සමස්ත ලෝකයා, මෙවන් අඳුරු මායාකාර්ම භාවිත කරමින් සතුරා වනසා දමන අසමසම විරයා වෙනුවෙන් ප්‍රශස්ති ගයමින් හිඳි සමයක පවා ඊට විරුද්ධ වූ අයෙකු වේ නම් ඒ ලන් වංජි පමණකි. එදවස ලන් වාජි සෑමවිටම මේ අසම්මත මාර්ගය කෙරේ අප්‍රසාදය පළකරමින් වෙයි වුෂියාන්ව ගුස ලන් නිකායට රැගෙන යන්නට උත්සාහ කරමින් සිටියේ තමාට දඬුවම් කිරීමේ අදහසිනැයි වෙයි වූෂියැන් සිතා සිටියේය. එනමුත් වර්තමානයේදී, වෙයි වූෂියැන්ගේම අතීත කර්මයන් පාරා වළල්ලක් මෙන් ඔහු පසුපස හඹා එමින්, ඔහුගේ අනන්‍යතාවය ලෝකයට හෙළිදරව් කළ මොහොතේ ලෝකයම ඔහුට එදිරිව නැඟී, ලෙයට ලෙස ඉල්ලා සිටිද්දී. එකම මිනිසෙකු පමණක් වෙයි වුෂියැන්ගේ පසෙකින් සිටගනියි.

සිය කීර්ති නාමය, කුල ගෞරවය ආදී කිසිත් නොතකා තමා වෙනුවෙන් නැගී සිටින ලන් වාජි දකින වෙයි වු ෂියැන්ගේ සිත පෙර නොවූ විරූ අයුරින් කැලඹේ. තමා අතීතයේදී මෙම ගුසු ලන් වංශිකයා පිළිබඳ සිතා සිටි සියලු දෑ පිළිබඳ නැවත සිතා බලන්නට වෙයි වූෂියැන් පෙළඹෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Asura dhyanawedaye maha nimawumkaru-3-අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු-3”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat