Sampradaika Gowi Bas Wahara – සාම්ප්‍රදායික ගොවි බස් වහර
රු315.00
ස්වයංපෝෂිත හෙළ දෙරණේ ගොවි කර්මාන්තය අදින් වසර දස දහසකටත් ඈත අතීතයට දිව යයි. සත්‍ය වශයෙන් ම හෙළ දිවයිනේ ගොවි කර්මාන්තයකට වඩා ගම, පන්සල, වැව සහ කුඹුරු යන චතුර් පද්ධතියක් තුළ වූ ගොවි සංස්කෘතියක් විය. මෙකී ගොවි සංස්කෘතිය, ඉහත චතුර්පද්ධතිය සමග සබැඳියාවකින් පසු විය. ගොවිතැන හුදෙක් සංස්කෘතියක් වූ නිසා අනෙක් සංස්කෘති මෙන් ම ඊට ම ආවේනික භාෂාවක්, වහරක් විය. ගොව් බස නොහොත් ගොව් වහර, එකල හෙළ ගොවිකමේ සාර්ථකත්වය මෙන් ම රටේ සෞභාග්‍යය ද උකහා පෙන්වන මනා සංකේතයක් විය. ගොවි වහර කොතරම් ගෞරවනීය ද යත් එය සාමාන්‍ය ව්‍යවහාරික වහරට හාත්පසින්ම වෙනස් විය. එකී වහර ප්‍රාදේශීය වශයෙන් ද වෙනස් නොවූවා නොවේ. එකළ ගොවිකම ගෞරවනීයත්වයේ ලා සැලකු අතර ගොවියා රජෙකුට සමාන හෝ ඊට උසස් ලෙසත් ගෞරවයෙන් පිළිගත්හ. මෙකී ආශිර්වාදය ම රටට සෞභාග්‍ය උදා කිරීමට ප්‍රමාණවත් විය. 20 වන ශත වර්ෂයේ මැද භාගයේ සිට හඳුන්වා දුන් “නවීන තාක්‍ෂණය ” හෙවත් ඊනියා “හරිත විප්ලවය ” ක්‍රමයෙන් දිග හැරගත් විෂ අඩු වලින් ” දේශීය සෞභාගය ” බිලිගෙන “දුර්භාග්‍ය” ඉදිරියට ගෙන ආවෝය. ගොවි සංස්කෘතිය, ගොවි කර්මාන්තය බවට පත් කිරීමෙන් ශාපලත් දේශයක් බවට පත් කළෝය. අප සියල්ලෝ එහි කොටස්කරුවෝය. එහි අනිටු ඵල අප භුක්ති විඳිමු. එදා ගොවි සංස්කෘතියේ බොහෝ අංග මෙන්ම ගොවි වහරද අද මැකී ගොසින්ය. මේ ග්‍රන්ථය අතීත සළකුණු සිහිපත් කරවයි.








Reviews
There are no reviews yet.