Amuthu Minissu – අමුතු මිනිස්සු
රු510.00
මේ පොතේ තියන කතා සියල්ලේ ම ඉන්නේ මට ජීවිතේට හමුවුණු ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු අතරින් “අති දුර්ලභ මුතු වගේ* ගැහැනුන්, පිරිමින් පරිසක්. ඔවුන් මගේ (අපේ) ජීවිතේට කරපු සුන්දර බලපෑම් හරි ව්ශේෂයි. ඒ හන්දා කාලයක් තිස්සේ ඒ අය, ඒ සිදුවීම් මතකයේ තබාගෙන ඉඳලා, මේ විදියට පොතකින් එළි දක්වන්න හිතුවේ එහෙම “(අ)මුතු මිනිස්සු” ඕන තරම් අපි අතරේ ඉන්නවා කියලා පෙන්වන්න. ඒවගේම ඒ ඒ අය, යම් යම් කාලවලදී, නොයෙක් නොයෙක් අවස්ථාවන්වලදී මට දුන් ධනාත්මක සහ සුඛවාදී යහපත් සිතුවිලි ධාරාවන් “Good vibes” මේ පොත හරහා නැවතත් ඔවුන්ට සම්ප්‍රේෂණය කිරීමත් තව එක් අරමුණක්. මං විශ්වාස කරනවා, මේ පොතකියවන ඔබටත් යම් ප්‍රමාණයකින් හරි ඒ යහපත් සිතුවිලි ධාරාවන් “Good vibes” ආකර්ෂණය කරගැනීමට පුළුවන්කමක් ලැබේවිය කියලා. ඒ තුළින් අපි කාටත් මිනිස්සු අතර *(අ)මුතු මිනිසුන්” වෙන්නට යම් උත්තේජනයක් ඇතිවෙනවා නම්, ඇත්තට ම ඒක අපේ ලෝකය මීට වඩා යහපත් තැනක් කරන්නට දායක වීමක් වේවි.









Reviews
There are no reviews yet.