Akasa Paluwa – ආකාස පාළුව
රු920.00
පාවහන් නැති සියුමැලි දෙපයේ ළා රෝස නැහැ හුනු පැටවුන් වන් ඇඟිලි දෙස මා බලා උන්නේ අරමුණක් නැතිවමය. වම් පා සුළැගිල්ලේ නියපොන්න ගැලවී ලේ ගල්ගැසී ඇත. මිනිස් ආත්මයන්ට ඔරොත්තු දීමේ හැකියාව මහින මිනුම් දණ්ඩක් තිබුණා නම් ඇය දැන් සිටින්නේ ඒ මිනුම් සීමාවේ නොනැනදැයි හරියටම කියන්නට හැකිය. කවුරුන් හෝ දරුණු ලෙස ඈ කායික හා මානසික දණ්ඩනයන්ට ලක් කර ඇත. ඈ තවම පසු වන්නේ ඒ කම්පනයෙනි.
නතුරු පහරවල් සිටින පරිදි මුදු මුදු කොණ්ඩය තැනින් තැන කපා දමා තිබුණි. ඇතැම් තැන්හි හිස් කබල පෙනෙන තරමටම හිස නේ කුට්ටි නැත. කුණාටුවකට හසු වූ කපුටු කුඩුවක් සේ ඇවිස්සී ඇති ඉනිර්ව තිබූ ඝන කළු කැරලි කෙස් වැටිය ඈ විකට ඇඳුම් තරගයක පිස්සියන සේ වෙස් ගන්වා ඇත. තදින් ඇල්ලූ විට පවා රතු වන කුරුළෑ කැළැලක් හෝ නොමැතිව තිබූ මල් පියල්ලක් තරමට සිහිඳු ළාම ළා කහ පැහැයකට බර ඇගේ මුහුණේ, නැනත් රතු පැහැයටතේ තැනක් දම් පැහැයටත් වන ලෙස පහර දී පාට කර ඇත. හරි මැදින් දෙකට බෙදුණු තද රෝස පැහැති පිරුණු යටි තොල පුපුරා ලේ කැටිත්තක් මතුව ඇත.










Reviews
There are no reviews yet.