Keheli.lk

20% OFF

Agni Chakra – අග්නි චක්‍ර

රු960.00

අර්ථයම පහ වනතුරු කල්පනා කරමින් සිටි බොකරැල්ල අන්තිමේදී නිදා ගැනීමට තීරණය කළේ නිදිමත නිසා නොව සියල්ල සමථයකට පත්වී ඇති බව තම හිතට දැනුම් දීම සඳහාය. එහෙත් ඒ ව්‍යාජය ක්‍රියාත්මක කිරීම ඉතා දුෂ්කර බව තේරුණු නිසා තවත් පැය භාගයක් සාලයේම රැඳී සිටිමින් තම ජිවිතය ගැන කල්පනා කළේය. ඡන්දය පැරදීම ඔහුට ඒ හැටි දෙයක් නොවේ. කොහොමටත් ඔහු සිටියේ ඡන්දය පැරදෙනු ඇතැයි යන අපේක්ෂාවෙනි. සිය දේශපාලන ජීවිතය තුළ ඡන්ද පැරදුණු අවස්ථා ගණනාවක්ම බොකරැල්ල මෙනෙහි කළේය. විරුද්ධවාදීන්ගෙන් ගුටි කෑ හැටි, පොලිසියේ ලැග්ග හැටි, උණ්ඩය කන ළඟින් යන පරිදි වෙඩි කෑ හැටි ඔහු මෙනෙහි කළේය. ඔහුට මැතිවරණයක් යනු ආයෝජනයකි. සෑම ඡන්දයක් සඳහාම ඔහු සිය ධනවත් ආධාරකරුවන්ගෙන් රුපියල් කෝටි ගණනක් එකතු කළේය. ඒ මුදල් සුරැකිව රඳවා තැබූ හෙතෙම සාමාන්‍ය ඡන්ද දායකයන් දුන් මුදලින් සහ පක්ෂය දුන් මැතිවරණ අරමුදලින් ඡන්දය කළේය. මෙසේ රැස්කළ මුදලින් ඔහු සිය බිරිය වූ විලාසිනී නමටත්, මාකස් අවුරේලියස් නමටත් දේපළ රැස් කළේය. එසේම තම වපසරියට අනවසරයෙන් එන ඕනෑම කෙනෙකු මැරීමට ද බොකරැල්ල ක්‍රියා කළේය. තම අණ පරිදි තම කොන්ත්‍රාත්කරුවන් වෙතින් මැරුම් කෑ මිනිහාගේ මළගෙදර ගිය බොකරැල්ල මිනී පෙට්ටියටද කරගසා සුසාන භූමියට නොගොස් ගෙදර ගියේය.

Reviews

There are no reviews yet.

Be the first to review “Agni Chakra – අග්නි චක්‍ර”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat