10% OFF
1st Lane – ෆස්ට් ලේන්
රු1,080.00
කිසියම් අඳුරු බලවේගයක් මාගේ ආත්මය ගිල ගෙන ඇත. මෙය ඛේදවාචකයකි. ජීවිතය ශෝකාන්තයක් වීමට ප්‍රථමව මා මේ නරාවළෙන් ගොඩ ආ යුතුය. යුතුමය. මට එය කළ හැකිය.
මට සටන ඇත්තේ මා සමඟමය. මා විසින්ම මා පරාජය කොට දමා මා ජයගත යුතුය. එයට අවශ්‍ය ශක්තිය ද මට ඇත. බුද්ධියද මට ඇත. මා එය සිදු කළ යුතුය. දැන්ම එය ආරම්භ කළ යුතූය. මේ මොහොතේම මා එය ආරම්භ කළ යුතුය.
මෙය ස්වප්නයක්ද සත්‍යයක්ද කියා සිතා ගැනීමටවත් මට නොහැකිය. ඇය මගේ සුන්දරම ස්වප්නයයි. ඇය මගේ සුන්දරම සත්‍යයයි. ඈ වසන්තය ගෙන එන බව මම නිරන්තරයෙන්ම විශ්වාස කළෙමි. ඇය මා වෙනුවෙන්ම ගෙන ආ වසන්තය දැන් මා වෙතම අයිති වී හමාරයි. ඇයත් මමත් මේ විසල් අහසම සාක්ෂියට තබාගෙන පෙම්වතුන් වූවෙමු.








Reviews
There are no reviews yet.