Keheli.lk

10% OFF

Dewole Nidanaya – දෙවොලේ නිධානය

රු2,250.00

ඝාතනය සම්බන්ධයෙන් සේම පැරැණි පුස්තකාලය ගිනිගැනීම සම්බන්ධයෙන්ද සියලු සැකයන් එල්ල වන්නේ, එක්සෙටර් විශ්ව විද්‍යාලයේ මායාකර්ම සහ ගුප්ත විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව හදාරමින් සිටින ෂැරීන් කාර් ඇතුළු ඇගේ මිතුරන් පිරිසටය. මරණයට පෙර අවසන්වරට ඔහු හමු වූයේත්, පුස්තකාලය ගිනිගත් දා රාත්‍රියේ ඔහුට සහයෝගය ලබා දෙමින්, එතුළ රැඳී සිටියේත් ෂැරීන් කාර් වීම ඊට හේතුවයි.

එහෙත් නීතිය නොදත් තවත් රහසක් තිබිණි. ඒ, මහාචාර්යවරයා මිය යාමට මත්තෙන් ශතවර්ෂ ගණනාවක් පැරැණි දින පොතක් ඇය අත පත්කළ බවය; එය, අමරණීයත්වයේ රහස දන්නා බැව් සැලකෙන, සෙන්ට් – ජර්මේන්ගේ රහසිගත සංකේතවලින් ලියැවුණු ඓතිහාසික දිනපොත බවය. එහෙත් ග්‍රන්ථය ලබා ගැනීමේ අරමුණින් මිනිස් ඝාතන සිදු කිරීම සාමාන්‍ය දෙයක් වූ සංවිධානාත්මක පිරිසකට, ග්‍රන්ථයේ වත්මන් භාරකාරීය ෂැරීන් කාර් බැව් රහසක් නොවීය.

සහෝදරත්වයේ ඝාතකයන් නොනැවතී ලුහුබඳින විට, සෙන්ට් – ජර්මන්ගේ රහස් සංකේත අතර සඟවා ඇති ප්‍රහේලිකා විසඳීම හැරුණු කොට අන් විකල්පයක් ඇරීන් ඇතුළු ඇගේ මිතුරු පිරිසට නොතිබිණි.

ටවර් ඔෆ් ලන්ඩන්හි සිට පැරීසියේ ඉපැරැණි මන්දිරයක් වෙතත්, ඉතාලියේ ඇල්ප්ස් කඳු වැටියේ බළකොටු දක්වාත් යුරෝපය පුරා දිව යද්දී, පැරැණි ප්‍රහේලිකා සහ විස්මිත අනාවරණය වීම් හමුවේ විද්‍යාව සහ මායාකර්ම අතරත්, සත්‍යය සහ මුසාව අතරත් ඇති සීමා බොඳ වී යනු ඇතැයි ෂැරීන්, ඩන්කන්, ආර්ච්, ටැග් හා නයෝමි කිසිවිටෙකත් නොසිතූහ.

Reviews

There are no reviews yet.

Be the first to review “Dewole Nidanaya – දෙවොලේ නිධානය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat