10% OFF
Dabaran Udumbara – දඹරන් උදුම්බරා
රු1,100.00 රු990.00
සමස්ත ජෛවගෝලයේම ගාමක බලය වන්නේ ස්ත්‍රී පුරුෂ ආකර්ෂණයය, එය සතා සීපාවා වෘක්ෂ ලතා වලටද පොදු ධර්මතාවකි. මානව චරිතයේ මෙම ලක්ෂණය සත්ව ලෝකයට වඩා සංකීර්ණ ස්වභාවයකින් යුක්තය. මෙම කෙටිකතා සංග්‍රහයේ එන නිර්මාණ වලින් වැඩි ප්‍රමාණයක් මේ සංකීර්ණ මානව ස්ත්‍රී පුරුෂ ආකර්ෂණයේ විවිධ පැතිකඩ සියුම් ලෙස විවරණය කරන තේමාවන් මත ගොඩනඟා ඇත.
මෙහි චරිතවල චිත්ත අභ්‍යන්තරයට ශූර ලෙස පන්හිද මෙහෙය වී ඇත්තේ කතුවරිය සතු ශල්‍ය වෛද්‍ය පරිවය පරිකල්පන ලෝකයට කැඳවා ගනිමිනි. අගති සහ අභිමන්, සීමා, වීණාවී, දැකුළු මල වැනි කතා එයට නිදසුන් කර දැක්විය හැකිය. එම නිර්මාණ වලින් ස්පර්ශ කෙරෙන මානව චෛතසිකයේ ගූඪ අභ්‍යන්තර කතාව ෆ්‍රොයිඩ් කාල් ජුං වැනි මනෝ විද්‍යාඥයන් එළි පෙහෙළි කළ මානව චෛතසික මූලධර්ම වලට බෙහෙවින්ම නෑකම් දක්වයි.
Related products
- Add to cart
-
10% OFFRead more

Out of stock
-
20% OFFRead more

Out of stock
- Add to cart






Reviews
There are no reviews yet.