Thi ha thaa-තී හා තා
රු1,215.00
***2020 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන වසරේ නිර්මාණශීලී නවක දායකත්වය***
***2020 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටයට නිර්දේශිත නවකතාව***
නවකතාව සඳහා වූ අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාවක්. හැඟුම්බර හා බියකරු සිදුවීම් මෙන්ම ලිංගිකත්වය පවා (ඒවායේ මුල් නොසිඳෙන සේ) සදය උපහාසයකින් ප්‍රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුළ අතිශය විරල අත්දැකීමක්. වියමන තුළ සෘජුව ප්‍රකාශමාන නොවන හැඟවුම්කාරකයන් ගවේෂණය කිරීමට පාඨකයා පොළඹවන සුළු ආඛ්‍යානික ප්‍රවේශය නිසා කෘතියේ ගැඹුර හා රසය තීව්‍ර වේ.
-සමන් වික්‍රමාරච්චි-
‘තී හා තා’ අසීමිත බැඳීමක් පිළිබඳ කතාන්දරයකි. ආදරයක මටසිළුටු බව සේම රළු පරළු බව ද එක්තැන් කළ අමුතු නවකතාවකි. නූතනයේ එක්තරා පරම්පරාවක ආදරය පිළිබිඹු කරන නවකතාකරුවා එකී තරුණ ජීවිත සමූහය දෙස හෙළන්නෙ අසම්මත මුත් නව්‍ය දෘෂ්ටියකි.
ඊටම උචිත වූ ලේඛකයාගේ සුවිශේෂ භාෂා භාවිතය පාඨක සිත් ඇද බැඳ ගනී.
-සුමිත්‍රා රාහුබද්ධ-
Availability: In stock








Reviews
There are no reviews yet.