Keheli.lk

20% OFF

Swarnaragaya – ස්වර්ණරාගය

රු880.00

සසර කලකිරි වනාන්තරයක බවුන් වඩන තරුණ භික්ෂුවක් හා ගැමි සමාජයෙන් කොන් කරන ලද ලෙඩ තරුණියක් අතර පවත්නා මේ ප්‍රේමය සමාජ සම්මතයන්ට පටහැණි අසම්මත එකකි. මම එය දැන දැනත් ඉදිරියට නොතේරෙන නැතහොත් නොහැඟෙන අයෙකු සේ ලෙඩ කෙල්ලගේ මිහිරියාව තුළ ගිලෙමින් එය විඳිමින් ලෙන තුළට වී ජීවත් වීමි. ඒ කාලය පුරාවට ජීවිතයෙන් පලා ආ මග හැරුණු වන්දනාකරුවා අඳුරු ලෙන කුහරයේ පත්ලක සැගවී ගැඹුරු නින්දකට වැටී සිටියේ ය. නැතහොත් මා විසින්ම ඔහුට ඉස්මතු නොවීමට ඉඩ නොදී යටපත් කරගෙන ජීවත් වුණෙමි. නමුත් සියල්ල තාවකාලිකය. ලෙඩ කෙල්ල තුළින් ලද මිහිර ද තාවකාලිකය. එය අවබෝධ වන්නට මා හට කාලයක් එහිම ගිලී එයම පරම සුවය ලෙස විඳිමින් සිටින්නට සිදුවිය. ඒ කාලය පුරාවට කිසි විටෙකත් මා හට ජීවය දුන් හිමියන් සිහි නොවීම ද පුදුම සහගතය. තාවකාලික මිහිර තුළ ගිලී එහි අනන්තය අවබෝධ කරගන්නට ඉඩ හැර උන්වහන්සේ මාගෙන් ඈත් වූවා සේ ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Swarnaragaya – ස්වර්ණරාගය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat