Sri Lankawe Pruthugisi Satan – ශ්‍රී ලංකාවේ පෘතුගීසි සටන්
රු441.00
වර්ෂ 1498 දී පෘතුගීසි නාවුකයෙකු වූ වස්කෝ ද ගාමා අප්‍රිකා මහද්වීපය වටකරමින් ඉන්දියාවට පිවිසෙන මුහුදු මාර්ගය සොයා ගත්තේය. එතැන් පටන් පෘතුගීසීහු සහ වෙනත් යුරෝපීය ජාතීන් අසියාවට ඒමට පටන් ගත්හ.
ඔවුහු කරුණු තුනකට මැදි කර පෙරදිග ජනතාව සිර කළහ. වෙළදාම, යුද්ධය, ආගම එම කරුණු තුනයි. පෘතුගීසින් ඉන්දියන් සාගරයට පැමිණි සත් වසරකට පසු ක්‍රි. ව. 1505 දී ලංකාවට ගොඩ බැසීමත් සමගම බටහිර යටත් විජිතවාදී සෙවනැලි පතිතවීම ඇරඹුණි. ඔවුහු අපේ රටේ වෙළඳාමට සම්බන්ධ වූහ. ආරක්ෂාවේ හවුල්කරුවන් වූහ. ඔවුන් ලංකාවට ගොඩ බසින විට සිංහල රාජ්‍ය භේදබින්න වී බෙලහීනව තිබුණි. තෙකඩ වූ කෝට්ටේ රාජධානියේ පාලකයන් තම රාජ්‍යය බලවත් කර ගැනීමට මේ ආක්රමණිකයන්ගේ සහාය පැතුවෝය.
පාලකයෝ රටේ අභ්‍යන්තර අර්බුධ වලට පෘතුගීසින් සම්බන්ධ කර ගත්තා පමණක් නොව, ඔවුන් මෙරටට ගෙන ආ ආගම පවා වැළඳ ගත්තෝය. ඔවුන්ගේ භාෂාව, සංස්කෘතිය, වාසගම්, නම් පවා වැළඳ ගත්තෝය. අවසානයේ සහායකයා පාලකයා විය. පාලකයා රට වැසියා තලන්නෙකු විය.
මේ පොතේ සඳහන් වන්නේ ලාංකිකයන් යටත් කර ගැනීමට පෘතුගීසින් විසින් කළ සටන් හා ඔවුන් පලවා හැරීමට ලාංකිකයන් කළ සටය.










Reviews
There are no reviews yet.