Keheli.lk

10% OFF

Sri Lankawe Pasku Irida Praharaya – ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය

රු1,170.00

ලොව පුරා ඇතැම් ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආරක්‍ෂාවට තර්ජනයක් වෙමින් පවතී. මෙම අන්තවාදී කණ්ඩායම් ආගමික හා සමාජ වෛරය පතුරවන ප්‍රකාශ කරමින් හා දේශන පවත්වමින් ඒ තුළින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා සිය සාමාජිකයන් පොළඹවමින් සමාජ හා දේශපාලන අස්ථාවරභාවයක් ජනිත කරවීමට ක්‍රියා කරයි. ඔවුනගේ මෙම රැඩිකල් මතවාදයන් හා සමාජ විරෝධී ක්‍රියාකාරකම් ඇතැම් ආගමික සංස්ථාවලට ද සමහර අධ්‍යාපන ආයතන තුළට ද ඩිජිටල් ක්‍රියාකාරකම් තුළට ද පිවිස ඇත.

2019 අප්‍රේල් 21වැනි දින ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරයේ පසුබිම මෙම කෘතිය තුළින් ගැඹුරු සාකච්ඡාවකට බඳුන් කරයි.

අයි.එස්. ත්‍රස්තවාදයේ ආරම්භය නැඟීම හා පැතිරයාම ද එහි බලපෑම තුළින් ලෝකයේ සහ අප රටෙහි ද ඇතැම් කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇතිවීම ද එම කණ්ඩායම් එල්ල කරන මිනීමරු ප්‍රහාරවලට අනාගතයේ දී අප මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ද ගැඹුරු කතිකාවකට මහාචාර්ය රොහාන් ගුණරත්න මෙම කෘතිය තුළින් වැදගත් ආරම්භයක් ලබා දී ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Sri Lankawe Pasku Irida Praharaya – ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat